2026 ජූලි 31 සිකුරාදා, 02:50
නවතම පුවත්

අධ්‍යාපන පීඨවල ගුණාත්මකභාවය ඉහළ නැංවීමට නව වැඩපිළිවෙළක්

ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවල ඉගෙනුම ලබන ගුරු ශික්ෂණලාභීන්ට පීඩනයෙන් තොර ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීම සහ අධ්‍යාපන පීඨවල සමස්ත ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් දියත් කරන බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය, වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පවසයි.

ඊයේ (ජූලි 18) බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවල පීඨාධිපතිවරුන් සමඟ පැවති සාකච්ඡාවකදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. දිවයිනේ සියලුම අධ්‍යාපන විද්‍යා පීඨවල පීඨාධිපතිවරුන් මෙම සාකච්ඡාවට සහභාගී වූ අතර, එක් එක් පීඨයට අදාළ අධ්‍යයන හා අනධ්‍යයන ගැටලු මෙන්ම යටිතල පහසුකම් සංවර්ධනය සම්බන්ධ ගැටලු සාකච්ඡා කිරීමට මෙහිදී අවස්ථාව ලැබිණි.

ගුරු ශික්ෂණලාභීන්ට වඩාත් ගුණාත්මක අධ්‍යයන පරිසරයක් නිර්මාණය කිරීම සඳහා මෙතෙක් අවධානයට ලක් නොවූ ගැටලු කෙරෙහි තම විශේෂ අවධානය යොමු කරන බව වෛද්‍ය සෙනෙවිරත්න මහතා මෙහිදී අවධාරණය කළේය. එසේම, සුවිශේෂී ගැටලු පවතින විද්‍යා පීඨවල නිරීක්ෂණ චාරිකා සිදු කර කඩිනම් විසඳුම් ලබා දීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම නව වැඩපිළිවෙළ මගින් ගුරු අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories