ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බොන්ඩි නම් වෙරළාශ්‍රිතව අද (දෙසැම්බර් 14) දහවල් සිදුකළ සමූහ වෙඩි තැබිමෙන් මේ වන විට 10 දෙනෙකු මිය ගොස් ඇති බව සඳහන් වේ.
මියගිය අය අතර එක් වෙඩික්කරුවෙකුද සිටින බව එරට පොලීසිය පවසා ඇත. එමෙන්ම මෙම වෙඩි තැබීමෙන් 12 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.
තවත් වෙඩික්කරුවෙකු එරට පොලිස් අත්අඩංගුවේ සිටින බව සඳහන් වන අතර, සැකකරුවන් වෙඩි තැබීම සිදුකරන අයුරු දැක්වෙන දර්ශන මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතී. ජනතාවට ආරක්ෂිත ස්ථාන වලට වී සිටින ලෙස බලධාරීන් දැනුම් දී ඇත.