2026 ජූලි 29 බදාදා, 04:26
නවතම පුවත්

වාහන මිල පහළට කළින් තිබ්බ ඉල්ලුමත් දැන් නෑ

වසර පහකට පසුව වාහන ආනයනය සඳහා අවසර දී මාස අටකට ආසන්න කාලයක් ගතවීමෙන් පසු දේශීය වෙළෙඳපොළ තුළ වාහන මිල ගණන් විශාල ලෙස පහත වැටී ඇති බවට වාර්තා වේ. ආනයන අවසරය ලැබුණු මුල් කාලයේ පැවති අධික උද්යෝගය සහ ඉහළ ඉල්ලුම මේ වන විට සීඝ්‍රයෙන් පහත වැටී ඇති අතර, විකුණුම්කරුවන්ට අනුව ඔවුන්ගේ වාහන අලෙවි සැල වෙත ගැනුම්කරුවන්ගෙන් ලැබෙන ඇමතුම් පවා අඩුවී ඇත.

වාහන ආනයනකරුවන් පෙන්වා දෙන්නේ ජපානයේ වෙන්දේසිවල මිල ගණන් පවා පහත වැටීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ ශ්‍රී ලංකාවේ ගැනුම්කරුවන් වාහන මිල දී ගැනීම අඩු කිරීම බවයි.

වාහන ආනයනකරුවෙකු වන සමීර වීරවර්ණ පැවසුවේ රුපියල් ලක්ෂ 100ක වටිනාකමකින් අලෙවි වූ වාහනවල මිල මේ වන විට රුපියල් ලක්ෂ 5කින් පමණ අඩු වී ඇති බවයි. එසේම, රුපියල් ලක්ෂ 200ක මිල පරාසයේ තිබූ වාහනවල මිල රුපියල් ලක්ෂ 10-15ත් අතර අගයකින් පහත වැටී ඇත. මුල් කාලයේ වාහන සඳහා පැවති “රික්තය” මේ වන විට අඩුවීම ද මිල පහත වැටීමට හේතුවී ඇති බව ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය.

ජපානයේ සිට වාහන ආනයනය කරන තවත් ව්‍යාපාරිකයෙකු වන ලක්ෂ්මන් (සැබෑ නම නොවේ) පවසන්නේ, වසර මුලදී ආනයන අවස්ථාව ලැබීමත් සමඟ අධික ඉල්ලුමක් පැවතුණ ද, පසුගිය මාස දෙකක පමණ සිට වාහන අලෙවිය සැලකිය යුතු ලෙස අඩුවී ඇති බවයි. රජයේ රැකියාවක් කරන පුද්ගලයෙකුට ලක්ෂ 50කට වඩා අඩු මුදලකට වාහනයක් මිලදී ගැනීමට අවශ්‍ය වුවද, වෙළෙඳපොළේ නව වාහනවල මිල ගණන් ඉහළ මට්ටමක පැවතීම නිසා, පවතින ආර්ථික තත්ත්වය හමුවේ ලීසිං පහසුකම් ලබාගෙන අවදානමක් ගැනීමට බොහෝ දෙනා අකමැති වීම මෙයට හේතුව බව ඔහු පෙන්වා දෙයි.

මුදල් අමාත්‍යාංශය විසින් පනවා ඇති කොන්දේසියක් වන, ආනයනය කළ වාහන රේගු සටහන්කරයේ දිනයේ සිට දින 90ක් ඇතුළත ගැනුම්කරුගේ නමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතු බවට වන නීතිය මේ වන විට ආනයනකරුවන්ට ගැටලුවක් වී තිබේ.

අලෙවිය අඩුවීම නිසා තමන්ට අලාභ සහිතව වුවද වාහන අලෙවි කිරීමට සිදුව ඇති බව ලක්ෂ්මන් පවසයි. “මම පහුගිය මාස දෙකේදී ගෙන්වපු වාහන 18ක් වගේ තියෙනවා තව විකුණන්න. ඊයේ මම එක වාහනයක් විකුණුවේ ලංකාවට ගේද්දී මිල වෙච්ච ගාණට වඩා රුපියල් ලක්ෂයක් අඩුවෙන්” යනුවෙන් ඔහු කියා සිටියේය.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසුවේ, දින 90ක් තුළ ලියාපදිංචි නොකළ වාහන සඳහා 3%ක දඩ මුදලක් අය කරන බවත්, දැනටමත් දඩ මුදල් අය කිරීම් සිදු කර ඇති බවත්ය.

මේ අතර, ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග කියා සිටියේ, වාහන මිල ගණන්වල සාමාන්‍ය ලෙස ඉහළ පහළ යාමක් පෙන්නුම් කරන බැවින්, මේ වන විට වාහනයක් මිල දී ගැනීමට අපේක්ෂා කරන පාරිභෝගිකයින්ට මෙය ‘හොඳ අවස්ථාවක්’ බවයි. කෙසේ වෙතත්, ඉදිරි අයවැය යටතේ බදු වැඩිවීමක් සිදුවිය හැකි බැවින් ඉක්මන් තීරණයක් ගැනීම වැදගත් බව ද ඔහු සඳහන් කළේය.

වාහනයක් මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින පාරිභෝගිකයින් පවසන්නේ, ආනයනකරුවන් අසීමිත ලාභ ලැබීම නිසා ඉහළ ගිය මිල පහත වැටීම සහනයක් බවයි. තවත් මිල පහත වැටීමක් අපේක්ෂා කරන බවත්, එසේ වුවහොත් පාවිච්චි කරන ලද (Second Hand) වාහනයක් හෝ මිල දී ගැනීමට හැකිවනු ඇතැයි රජයේ සේවකයෙකු වන රුවන්ත (සැබෑ නම නොවේ) බලාපොරොත්තු පළ කළේය.

ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවලට අනුව, 2025 වසරේ පළමු මාස අට තුළදී වාහන ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 918ක් වී ඇති අතර, අගෝස්තු මාසය තුළ පමණක් වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 249ක් වී තිබේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories