2026 ජූලි 29 බදාදා, 15:42
නවතම පුවත්

මෙවර සරසවි වරම් හිමිකරගත් සංඛ්‍යාවේ ක්‍රමික වර්ධනයක්

මෙවර පැවැති උසස් පෙළ විභාග ප්‍රතිපල අනුව සරසවි වරම් හිමිකරගත් සිසුන්ගේ සංඛ්‍යාව ක්‍රමික වර්ධනයක් පෙන්නුම් කර ඇතැයි විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර පවසයි.

අද (27) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පැවසුවේ මෙවර එම සංඛ්‍යාව 64.73%ක් ලෙස වාර්තා වී ඇති බවය.

එමෙන්ම මෙම අපේක්ෂකයින් අතුරින් 274,361 වූ අපේක්ෂකයින් අතුරින් 177,588 විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට අවශ්‍ය මූලික සුදුසුකම් ලබා ඇති බවය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමිත ජයසුන්දර මහතා,

“සමස්ත අපේක්ෂකයින් විදිහට ගත්තොත් 2023 වසරේදී 62.89%ක්, 2022 වසරේදී 63.25%ක්, 2023 වසරේදී 64.33%ක්, 2024 වසරේදී 64.73ක්. මේකෙන් පැහැදිලි වෙනවා යම් කිසි ක්‍රමික වර්ධයක් සාධනීය තත්ත්වයක් පෙන්නුම් කරනවා එය ගිය වසරවලට වඩා ඉතා සුළු වැඩිවීමක්. මේක ඉතාම හොඳ තත්ත්වයක්.

මෙතැනදි තව කාරණයක් මතක් කළොත් විෂයන් තුනටම විශිෂ්ට සම්මාන ලබා ගත් සංඛ්‍යාව යම් කිසි එකම මට්ටමක තමයි නිරීක්ෂණය වෙන්නේ එය මේ වසරේදී 3.45%ක ප්‍රතිශතයක් පෙන්නුම් කරනවා. එය 9,457ක් හැටියට වාර්තා වෙනවා.

ඒ වගේම විශයන් තුනම අසමත් සංඛ්‍යාවත් පසුගිය වසර වගේම මෙවරත් 29,244ක් වාර්තා වෙනවා එය 10.66%ක අගයක් ගන්නවා. පසුගිය වර්ෂවලත් මෙවැනිම තත්ත්වයක් තමයි වාර්තා වෙන්නේ. මේක විශේෂයෙන් අවධානය යොමු කළ යුතු කාරණයක්

සියලු අපේක්ෂකයින්ගේ ප්‍රතිපලය අනුව පළාත් වශයෙන් සංසන්දනාත්මකව සලකා බැලුවෙත් මේ අගයට වඩා ඉහළ අගයක් පෙන්නුම් කරන පළාත් 5ක් වාර්තා වෙනවා.

එ් අතුරින් ඉදිරියෙන්ම සිටින්නේ වයඹ පළාත. එය 66.36%ක් හැටියට වාර්තා වෙනවා. ඒ වගේම උතුරු පළාත 65.96%ක්, බස්නාහිර පළාත 65.89%ක් සබරගමුව පළාත 65.87%ක් දකුණු පළාත 65.74%ක් හැටියට සමස්ත ප්‍රතිපලය තුළ ඉහළ අගයක් අරන් තියෙන්නේ.

ඒ වගේම විශය ධාරාවන් 6ක් යටතේ තමයි මේ දරුවන් පෙනී ඉන්නේ ජෛව විද්‍යා විශය ධාරාව, භෞතික විද්‍යා විශය ධාරාව, වාණිජ විශය ධාරාව, කලා විශය ධාරාව, ඉංජිනේරු විශය ධාරාව සහ ජෛව පද්ධති තාක්ෂණවේදය විශය ධාරාව ලෙස.

මේ අතුරින් විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබපු සිසු ප්‍රතිශතය ගත්තොත් වැඩිම ප්‍රතිශතයක් වාර්තා වෙන්නේ ජෛව පද්ධති තාක්ෂණවේදය විශය ධාරාව තුළ එය 74.37%ක අගයක් පෙන්නුම් කරනවා. දෙවැනියට වාණිජ විශය ධාරාව පෙන්නුම් කරනවා එය 69.61%ක ප්‍රතිශතයක් වාර්තා වෙන්නේ. ඊළඟට ඉංජිනේරු විශය ධාරාව 68.11%, කලා විශය ධාරාව 65.21%, භෞතික විද්‍යා විශය ධාරාව 63.02ක්, අඩුම ප්‍රතිශතයක් වාර්තා වෙන්නේ ජෛව විද්‍යා විශය ධාරාවෙන් එය 58.82%ක අගයක් පෙන්නුම් කරනවා.
ජෛව විද්‍යා විශය ධාරාව තුළ 16.52%ක් විශයන් තුනම අසත් බවට වාර්තා වෙලා තියෙනවා මෙය සංඛ්‍යාවක් විදිහට ගත්තොත් 8,733ක අගයක් වෙනවා. භෞතික විද්‍යා විශය ධාරාව තුළ 5,290ක් විශයන් තුනම අසමත් වෙලා තියෙනවා.

ඒ වගේම පිරිමි සහ ගැහැණු වශයෙන් ගත්තාම විශ්වවිද්‍යාලට ප්‍රවේශය ගත් 67.32%ක් අතුරින් ගැහැණු දරුවන්ගේ එම ප්‍රතිශතය 71.93%ක අගයක් ගන්නවා. එය සමස්ත ප්‍රතිශතයට වඩා ඉහළ අගයක්. පිරිමි දරුවන්ගේ ප්‍රතිශතය 67.33%ක් හැටියට වාර්තා වෙනවා මෙම අගයන් පාසල් අපේක්ෂකයින්ගේ.
සමස්ත අපේක්ෂකයින් අතුරින් ගත්තොත් පිරිමි දරුවන්ගේ 57.91%ක් සහ කාන්තා අපේක්ෂකයින්ගේ ප්‍රතිශතය 69.10%ක්.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories