2026 ජූලි 29 බදාදා, 05:11
නවතම පුවත්

හාල් මාෆියාවට යටවී ආණ්ඩුව දෙවියන්ගේ හාල් කාලා වගේ ඉන්නවා

හාල් මෝල්ලුන්ගෙ මාෆියාවට මේ රටේ ජනතාව යටවී සිටින විට දෙවියන්ගේ හාල් කෑ පාලකයෝ ඒවාට විසඳුම් නොදී සුණුසාල් කතා කියමින් සුරංගනා බයිලා කියන බව එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක රවි කුමුදේශ් මහතා පවසයි.

ඒ මහතා එසේ පැවැසුවේ (23දා) දින පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනහමු කිහිපයක් ඇමැතීමෙන් පසුව මාධ්‍යට අදහස් දක්වමිනි. වැඩිදුරටත් අදහස් දැක් වූ රවි කුමුදේශ් මහතා මෙසේ ද කීය. 

” ලංකාවටම හාල් බෙදන පොළොන්නරුවෙන් බව පැවැසුව ද පාලන මිලට හාල් ගන්න තැනක් ලංකාවේ තියා පොලොන්නරුවෙවත් නෑ. ‍මේක තමයි අද රටේ තත්ත්වය. පාන් කියා ගන්න බැරිව සිටින ජනතාවට අද අනුරගේ ආණ්ඩුවෙන් හාල් කියා ගන්නවත් බැරිවෙලා තියනවා.

පොළොන්නරුවට ඇවිල්ලා හාල් ගැන කතා නොකර ගියොත් ඒක ලොකු වැරැද්දක්. පොළොන්නරුව මේ කාලයේ ජනප්‍රිය වෙලා තියෙන්නේ පොළොන්නරුව රාජධානි නිසා ද? නෑ. වල් අලි නිසා ද? නෑ. හාල් හා හාල් මාෆියාව නිසා බව කියන්නට හැකිය.

ලංකාවටම හාල් මාෆියාව හදන තැන තමයි පොළොන්නරුව කියන්නේ. හාල් ව්‍යාපාරිකයෝ සේරම එක එක පක්ෂවලට සෙට් වෙලා ඉන්නේ. ඒ නිසාම හාල් සහ රටේ දේශපාලනය ඉතාම ළඟින් බැඳී තියනවා.

අනුර ජනාධිපතිතුමා කියනවා පාලන මිලට හාල් තියෙනවලු. හැබැයි අපි පොළොන්නරුවට ඇවිල්ලා බැලුවා, පොළොන්නරුවෙවත් පාලන මිලට හාල් තියෙනවද කියලා. ජනාධිපතිතුමා මේ පැත්තේ නම් නෑ පාලන මිලට හාල් රටෙත් නෑ. ජනාධිපතිතුමා මේවා දන්නේ නෑ. ෂුවර් එකටම පාලන මිලට හාල් ජනාධිපති මන්දිරයේ තියනවා ඇති කියලා අපි හිතනවා.

එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ කියන්නේ ආණ්ඩුවට හරි පැත්තට හැරෙන්න පණිවිඩය දෙන කස කාරයෙක් කියලා හිතා ගත්තත් කමක් නෑ. කලින් ජනාධිපතිවරුන්ට වගේම මේ ජනාධිපතිවරයාටත් පත්තරෙන් තොරතුරු එනකං වද වෙන්න අපි දෙන්නේ නෑ.

ජනාධිපතිතුමාට අපි පාරේ ඉඳගෙන ජනතාව ළඟට ඇවිත් කියන්නේ පාලන මිලට හාල් නෑ. මේ හාල් මෝල්ලුන්ගෙන් ජනතාව බේර ගන්න. හාල් මාපියාව වහාම නතර කරන්න කියලා අපි ජනාධිපති සහෝදරයට කියන්න කැමැතියි. හාල් මෝල්කාරයන්ගේ ඒකාධිපති හාල් මාෆියාව පරදවා ජනතාවට සාධාරණ මිලට හාල් දෙන්න වැඩසටහනක් සකස් කරන්න කියලා අපි ජනපති අනුර සහෝදරයාට කියනවා.

දේශපාලන පරිවර්තනයක් කළා කියලා වැඩක් නෑ. මිනිසුන්ට ඒක දැනෙන්නේ නැත්නම්. ඒ නිසා මිනිස්සුන්ගේ සතුට තියෙන්නේ කුස්සිය ඇතුළේ. ඒක හදන්නනම් හාල් මිල, පොල් මිල, බිත්තර මිල ගැන බලන එක ආණ්ඩුවේ වගකීමක්.

මේවායේ මිල අඩුකර ජනතාවට සහන දෙන්න ජනපති මැඳුරේ සිට හාල් මෝල්කාරයන් එක්ක කතාකර කර ඉන්න ගමන් ජනතාව ගැනත් හිතලා ජනතාවට සහන සලස්සන ලෙස ඉල්ලා සිටින බව එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක රවි කුමුදේශ් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. “

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories