2026 ජූලි 29 බදාදා, 21:01
නවතම පුවත්

මොනාලිසා අලුත් තැනකට ගාණත් වෙනස් කරයි

ලොව වැඩිම නරඹන්නන් පිරිසක් පැමිණෙන කෞතුකාගාරය ලෙස සැළකෙන ප්‍රංශයේ පැරිස් නුවර ලූවර් කෞතුකාගාරය ප්‍රතිසංස්කරණය කිරීමේ සැලසුමක් එරට රජය විසින් ඉදිරිපත් කර තිබේ.

එහි කොටසක් ලෙස එම කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති ලෝක ප්‍රකට මොනාලිසා සිතුවම පැරිසියේ ලූවර් හි නව ප්‍රදර්ශන අවකාශයකට ගෙනයෑමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

මෙම සැලසුම සම්බන්ධයෙන් නිවේදනය කර ඇත්තේ ද ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රන් විසින් බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.

ලෝක ප්‍රකට නිර්මාණකරු ලියනාඩෝ ඩා වින්සිගේ මෙම විශිෂ්ටතම සිතුවම අභියස සිට සම්භාවනීය අමුත්තන්ගෙන් පිරි ප්‍රේක්ෂකාගාරයක් හමුවේ ජනාධිපතිවරයා ඒ බව නිවේදනය කර තිබීම විශේෂත්වයකි.

2031 වන විට හඳුන්වාදීමට නියමිත නව ප්‍රතිසංස්කරණ සමඟ මොනාලිසා සිතුවම නැරඹීමට පැමිණෙන සංචාරකයන්ගෙන් වෙනවෙනම ගාස්තු අයකර ගැනීමේ ක්‍රමයක් හඳුන්වාදීමට ද ප්‍රංශ රජය සැලසුම් කර ඇතැයි ජනාධිපති මැක්‍රොන් නිවේදනය කළේය.

එමෙන්ම ඔහු පවසා ඇත්තේ මෙම නව ව්‍යාපෘතිය මගින් ලූවර් කෞතුකාගාරය නරඹන්නන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමෙන් එල්ල වන පීඩනය සමනය කිරීම සඳහා දෙවැනි දොරටුවක් ඉදිකිරීම සැලසුම් කිරීම සඳහා සැලසුමක්ද පවත්වන බවයි.

ලබන ජනවාරියේ සිට ගාස්තු වෙනස් කිරීම් ද හඳුන්වාදීමට නියමිතව තිබේ.

ඊට අනුව යුරෝපා සංගමයට අයත් නොවන රටවලින් පැමිණෙන සංචාරකයින්ගෙන් (බ්‍රිතාන්‍ය සංචාරකයින් ද ඇතුළුව) වැඩි මුදලක් අයකර ගැනීමට නියමිතය.

එමෙන්ම ජනාධිපති මැක්‍රොන් ලුවර් හි අධ්‍යක්ෂ ලෝරන්ස් ඩෙස් කාර්ස්ගේ අනතුරු ඇඟවීමවලට ප්‍රතිචාර ලබාදෙමින් පවසා ඇත්තේ, කෞතුකාගාරය නරඹන්නන්ගෙන් පිරී ඉතිරී යෑමෙන් එල්ල වන පීඩනයට සහ යටිතල පහසුකම් බිඳවැටීමේ බරපතල ගැටළුවලට තමන් මුහුණදී සිටින බවයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories