2026 ජූලි 29 බදාදා, 11:06
නවතම පුවත්

ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහි චෝදනා පත්‍රයක්

ක්‍රීඩා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ෂෙමාල් ප්‍රනාන්දුට එරෙහිව ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ක්‍රීඩා සංගමයේ හිටපු භාණ්ඩාගාරික උපුල්වන් සේරසිංහ
ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ වෙත චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර තිබේ.

එම චෝදනා පත්‍රය භාරදී ඇත්තේ පසුගිය සිකුරාදා (3) දිනයේය.

ඩේලි මෝනිං ස්පෝර්ට්ස් වෙත අදහස් දක්වමින් උපුල්වන් සේරසිංහ පවසා ඇත්තේ, ෂෙමාල් ප්‍රනාන්දු සමග කිසිදු තත්ත්වයක් යටතේ වැඩ කිරීමට කැමති නැති බව තම සංගමය සහ ඊට අනුබද්ධ තවත් සමාජ හතක නිලධාරීන් ඇමැති ගමගේට අවධාරණය කළ බවයි.

ඔවුන් ඇමැතිවරයා වෙත පිටු 134කින් යුත් ලිඛිත සාක්ෂි සහලේඛන ඉදිරිපත් කර ඇත.

ක්‍රීඩා නීතිය උල්ලංඝනය කිරීම සහ මෙරට ඔටෝමොබයිල් ක්‍රීඩාව විනාශ කිරීම සඳහා ඔහු විසින් සිදුකර ඇති බව කියන ප්‍රබල බලපෑම් ඊට ඇතුළත් බව කියැවේ.

ඇමැතිවරයා සමග පැවති සාකච්ඡාවට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා ද සහභාගී වී ඇති අතර ඔහුට එරෙහිව ඉදිරිපත් කළ චෝදනා අසත්‍ය බව ඔප්පු කිරීමට එහිදී ඔහුට නොහැකි වූ බව සේරසිංහ පවසයි.

චෝදනා පත්‍රය පිරික්සීමෙන් පසු ෂෙමාල් ප්‍රනාන්දුට එරෙහිව ස්වාධීන පරීක්ෂණයක් පවත්වා එහි ප්‍රතිඵලය ඉදිරියේදී දැනුම් දෙන බවට ඇමැතිවරයා තමන් ඇතුළු පිරිසට සහතික වූ බව සේරසිංහ සඳහන් කරයි.

ඔහු පවසන පරිදි, දැනට අත්හිටුවා ඇති ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ක්‍රීඩා සංගමයට අනුබද්ධ සියලුම ක්‍රීඩා සමාජ ඒකමතික තීරණයක් ගෙන ඇත්තේ ෂෙමාල් ප්‍රනාන්දු අදාළ තනතුරේ කටයුතු කරනතුරු ඔවුන් මෙරට මෝටර් රථ ධාවන සඳහා සම්බන්ධ නොවීමටයි.

ඒ බව ඔවුන් වාචිකව සහ ලිඛිතව ඇමැතිවරයාට දැනුම් දී ඇත.

ගැටලුවට සාවධානව සවන් දුන් ඇමැතිවරයා පවතින නීතිමය ගැටලු විසඳන තුරු ක්‍රීඩාව පවත්වාගෙන යෑමට සමාජ හතෙන් සාමාජිකයන් දෙදෙනෙකු බැගින් වන පරිපාලන කමිටුවක් පිහිටුවන බවට තමන් ඇතුළු හිටපු නිලධාරීන්ට පොරොන්දු වූ බව සේරසිංහ සඳහන් කරයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories