2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 21:49
නවතම පුවත්

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!

අධිකරණ අපහාසයට මුවාවෙමින් පුරවැසියන්ගේ භාෂණයේ සහ හෘද සාක්ෂියේ අයිතිය සීමා කිරීමට පොලීසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දරන උත්සාහය ‘දිනන දකුණ සාමූහිකය’ විසින් දැඩි සේ හෙළා දැක තිබේ. අද (16) දින විශේෂ මාධ්‍ය ප්‍රකාශනයක් නිකුත් කරමින් එම සාමූහිකය අවධාරණය කරන්නේ, මෙම ක්‍රියාවලිය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝනය […]

ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී

නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරිය විසින් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විවේචනය කරමින් පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ සිදුකොට ඇති වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය විසින් තරයේ හෙළා දැක තිබේ. මහජන මන්ත්‍රීවරිය විසින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කරමින් සහ එම ආයතනයේ විශ්වාසනීයත්වය පළුදු වන අයුරින් සිදුකර ඇති ප්‍රකාශය කෙරෙහි දිනන දකුණ සාමූහිකය වෙනුවෙන් තමන්ගේ […]

මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි

මහා භාණ්ඩාගාරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් බාහිර පාර්ශවයක් විසින් සොරකම් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව අද (28) දිනයේ රැස්වීමට නියමිතව තිබේ. රජයේ මූල්‍ය පාලනය සම්බන්ධයෙන් පැනනැගී ඇති මෙම බරපතළ තත්ත්වය පිළිබඳව සොයා බැලීම මෙම රැස්වීමේ ප්‍රධාන අරමුණ වී ඇත. මෙම කරුණ සම්බන්ධයෙන් කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් […]

කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට

ශ්‍රීලන්කන් ගුවන් සමාගම වෙනුවෙන් එයාර් බස් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවේදී රුපියල් කෝටි ගණනක අල්ලස් ලබා ගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින එම සමාගමේ හිටපු විධායක අධ්‍යක්ෂ කපිල චන්ද්‍රසේන මහතාගේ ඇප ඉල්ලීම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (02) ප්‍රතික්ෂේප කළේය. සැකකරු වෙනුවෙන් ඉදිරිපත් වූ ඇප ඉල්ලීම සලකා බැලූ කොළඹ ප්‍රධාන මෙහෙස්ත්‍රාත් අසංග එස්. […]

මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට මේ මස 20 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටින්නැයි දැනුම් දීමක් සිදුකර තිබේ. මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (18) දින කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. ඒ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් […]

කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු සැකකරුවන් පිරිසට ඇප ලබා දීමට ත්‍රිකුණාමලය මහාධිකරණය අද (11) නියෝග කර තිබෙනවා. ඒ අනුව, එම පිරිසට එරෙහි නඩුව අද යළිත් කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 12 දෙනකුට ගම්පහ ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබෙනවා.

කලුතරදී වැරදුණු උණ්ඩය

කලුතර මහනගර සභාවට සමගි ජනබලවේගය පක්ෂයෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයෙකු ඉලක්ක කරගනිමින් සිදුකළ වෙඩි තැබීමක් ව්‍යර්ථ වී තිබේ.පොලිසිය විසින් සදහන් කළේ මෙම වෙඩිතැබීම ඊයේ (07) රාත්‍රීයේ සිදුව ඇති බවයි. මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ කළුතර මහ නගර සභාවට සමගි ජන බලවේගය පක්ෂයෙන් ඉදිරිපත් වූ බන්දුල ප්‍රසන්න මහතා වේ. මීට පෙර අවස්ථාවකදීත් මොහු ඉලක්ක කරගනිමින් මීට මාස […]

නාගරික සංවර්ධන අදිකාරියේ තවමත් දේශපාලන අවතාර අරක්ගෙනද?

මෝදර හෙලමුතු සෙවණ මහල් නිවාස සංකීර්ණයේ ඉහළ මහලකින් ගැලවී වැටුණු කොන්ක්‍රීට් කොටසක් සිරුරේ වැදීමෙන් දරුවෙකු ජීවිතක්ෂයට පත් ව ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 7ක දරුවෙකි. පොලිසිය සඳහන් කළේ ඊයේ මෙම අනතුර සිදුවී බරපතළ තුවාල ලැබූ දරුවා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වී ඇති බව ය. මේ සම්බන්ධයෙන් මාදම්පේ පොලිසිය […]