වෙනිසියුලාවේ ඉන්ධන පර්යන්තයක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 21 දෙනෙකු තුවාල ලබා තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, බොර තෙල් ගබඩා ටැංකියක හටගත් ගින්න පාලනය කිරීමට ගිනි නිවන භටයින්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බවයි.
එම අවස්ථාවේදී ටැංකිය තුල බොරතෙල් බැරල් 75,000ක පමණ ඉන්ධන ප්‍රමාණයක් ගබඩා කර තිබූ බව විදෙස් වාර්තාවල දැක්වේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත