2026 ජූලි 29 බදාදා, 20:04
නවතම පුවත්

මැති ඇමැති 5කගේ ආචාර්ය – උපාධි පට්ටම් ගැන හොයන්න විපක්ෂයෙන් මෙහෙයුමක්

රජයේ මැති ඇමැතිවරුන් තවත් පස්දෙනකුගේ ආචාර්ය උපාධි ඇතුළු අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ගණනාවක් ප්‍රබල ලෙස සැක මතුකර ඇත.

‘ලංකාදීපය’ වාර්තා කර ඇති ආකාරයට, නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලකගේ ආචාර්ය උපාධිය හා බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩිගේ ඉංජිනේරු උපාධිය ඇතුළු පස්දෙනකුගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් ප්‍රශ්න මතුවී තිබේ.

එසේම ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු ලබාගැනීමට ද එම දේශපාලන පක්ෂ මේ දිනවල කටයුතු කරමින් සිටී.

මේ අතර ජාතික ජන බලවේගයේ සමහර මන්ත්‍රීවරුන් සිය ෆේස්බුක්වල සටහන් කර තිබූ යම් යම් අධ්‍යාපන සුදුසුකම් හදිසියේම ඉවත් කරගෙන ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් පැවැසේ.

කෙසේවෙතත් එම ෆේස්බුක් ගිණුම්වල ඉතිහාසය ( HISTORY) කොටස පරීක්ෂා කිරීමේදී එම ඉවත් කිරීම් මෙයට දින කිහිපයකට පෙර කර ඇති බව පැහැදිලි වන්නේ යැයි විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් පැවැසීය.

සමහර මන්ත්‍රීවරුන් මෙම අධ්‍යාපන සුදුසුකම් මහ මැතිවරණයේ ප්‍රචාරක පත්‍රිකාවල බැනර් සහ පෝස්ටර්වල පැහැදිලිවම සඳහන් කර තිබූ බව විපක්ෂයේ දේශපාලන පක්ෂ චෝදනා කරයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories