2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 11:39
නවතම පුවත්

ඔලිම්පික් පිටියට කොවිඩ් අවදානමක්

පැරිස් ඔලිම්පික් උලෙළේ බොහෝ දෙනෙක්ගේ වැඩි අවධානයක් දිනූ තවත් තරග ඉසව්වක් වූ පිරිමි මීටර 200 ඉසව්වේ අවසන් තරගය අද (09) අලුයම පැවැත්විණි.

එහිදී බොහෝ දෙනෙකු රන් පදක්කම හිමිකරගනු ඇතැයි බලාපොරොත්තු තබා සිටි, ඇමෙරිකාවේ නෝආ ලයිල්ස්ව අභිබවා යමින් රන් පදක්කම හිමිකර ගනු ලැබුවේ 21 හැවිරිදි බොට්ස්වානා ක්‍රීඩක ලෙට්සිලේ ටෙබෝගෝ විසිනි.

පිරිමි මීටර 200 ඉසව්ව සඳහා වත්මන් ලෝක මලල ක්‍රීඩා පිටියේ වේගවත්ම ධාවකයින් වන ඇමෙරිකාවේ නෝආ ලයිල්ස්, එරියන් නයිට්න්, කෙනත් බෙඩ්නරෙක්, බොට්ස්වානා හි ලෙට්සිලේ ටෙබෝගෝ ඇතුළු ක්‍රීඩකයින් 8 දෙනෙක් මේ සඳහා එක්ව සිටියේය.

ලෙට්සිලේ නව අප්‍රිකානු වාර්තාවක් ද පිහිටුවමින් ඉසව්ව නිම කළ අතර ඒ සඳහා ඔහුට ගතව ඇති කාලය තත්පර 19.46කි.

අප්‍රිකානු කලාපයේ ක්‍රීඩකයෙකු මීටර 200 ඔලිම්පික් රන් පදක්කම හිමි කරගත් පළමු අවස්ථාව මෙය බවත් සඳහන් ය.මෙම තරගයේ රිදී පදක්කම හිමිකර ගනු ලැබුවේ ඇමෙරිකාවේ කෙනත් බෙඩ්නරෙක් විසිනි.

කෙසේ නමුත් මෙහි බොහෝ දෙනා බලාපොරොත්තු දල්වා සිටි ලොව වේගවත්ම මිනිසා ලෙස පසුගිය දා කිරුළු පැළඳි ඇමෙරිකාවේ නෝආ ලයිල්ස්ට ලෝකඩ පදක්කමෙන් සෑහීමට පත්වීමටත් සිදුවිය. මේ අතර නෝආ ලයිල්ස් කොවිඩ් ආසාදිතයෙක් බව මීටර 200 ඉසව්වෙන් අනතුරුව ඇමෙරිකානු මලල ක්‍රීඩා සංගමය තහවුරු කර ගෙන තිබේ.

ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මීට දින දෙකකට පෙර ලයිල්ස්ට කොවිඩ් ආසාදනය වී ඇතැයි පරීක්ෂණ වලින් තහවුරු වූ නමුත් ලයිල්ස් මීටර 200 ඉසව්වට සහභාගී වීමට තීරණය කළ බවයි.

මීටර 200 ඉසව්වෙන් අනතුරුව නෝආ ලයිල්ස් රෝද පුටුවකින් රැගෙන යන අයුරු දැක්වෙන ඡායාරූපයක් ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

කෙසේ වෙතත් කොවිඩ් ආසාදිතව සිටිය දී ධාවනයේ යෙදීමෙන් අනෙක් ක්‍රීඩකයන්ව ද අවදානමකට ලක්කළ බවට නෝආ ලයිල්ස්ට පාර්ශව රැසක් චෝදනා එල්ල වී තිබේ

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories