විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති ඒ.ඒ.එම්. හිල්මි මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊශ්‍රායලය වෙත සේවකයින් යැවීමේදී සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් වූ චෝදනාවක් මත ඒ මහතා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය රජය සමයේ මෙම ඊශ්‍රායල රැකියා සම්බන්ධ අක්රමිකතාව මත එවකට විදේශ රැකියා අමාත්‍යවරයාව සිටි මනූෂ නානායක්කාර මහතා ද මීට පෙර අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කර තිබුණි. මෙම සිදුවීමට අදාළව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපතිවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.