2026 ජූලි 29 බදාදා, 17:47
නවතම පුවත්

මහ බැංකු ලොක්කන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කළේ මුදල් මණ්ඩලයෙන්

ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට තීරණය කළේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ස්වාධීනව ගත් තීරණයක් අනුව බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසුවේ ය.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මහ බැංකු අධිපතිවරයා ලෙස තනතුරට පත්වූ දා සිට අදාළ තනතුර ගරු තනතුරක් වන බව ත් එය අහෝසි කළ යුතු බව ත් ඔහුගේ මතය වූ බව ද හෙතෙම කීවේ ය.

එසේ ම, මහ බැංකු අධිපතිවරුන් විශ්‍රාම වැටුප ලබා ගැනීම වැරැදිසහගත බව ඔහුගේ මතය වූ බව ද මහ බැංකු අධිපතිවරයා මාධ්‍ය හමුවලදී පවා ප්‍රකාශ කර ඇති බව ද එම නිලධාරියා ප්‍රකාශ කළේය.

කෙසේ වුවද, බොහෝ විට මුදල් මණ්ඩලය මහ බැංකු අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට තීරණය කිරීමට මහ බැංකු අධිපතිවරයෙකු අදාළ තනතුරට පත්වී කෙටි කාලයකින් විශ්‍රාම යෑම යන කාරණය සහ මහ බැංකු අධිපතිවරයා යන තනතුර ගරු තනතුරක් වීම යන කාරණය බොහෝ විට බලපා ඇති බව විශ්වාස කරන බව ද හෙතෙම කියා සිටියේ ය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් සාදන ලද නව රීතිය අනුව 2024.09.11 දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරනු ලබයි.

1949 අංක 58 දරන මුදල් නීති පනතේ 10 (ආ) වගන්තිය සමග කියවිය යුතු 10 (ඇ) වගන්තියෙහි විධිවිධාන ප්‍රකාරව අදාළ නව රීතිය ක්‍රියාත්මක වන බව ද මහ බැංකුව සඳහන් කරන අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ඇතුළු පාලක මණ්ඩලය විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් එය නිකුත් කර ඇත.

ඒ අනුව, මහ බැංකු අධිපති ලෙස පත් කර ඇති පුද්ගලයෙකු වෙත ගෙවනු ලබන විශ්‍රාම වැටුප් ගෙවීම් 2024.9.11 දින සිට ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවනු ලැබිය යුතු බව ද එය ක්‍රියාත්මක වන දිනය වන 2024.09.11 දිනෙන් පසු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහ බැංකු අධිපතිවරයකුට විශ්‍රාම වැටුප් හිමිකම් පෑමක් සලකා නොබැලිය යුතු වන බව ද එම ගැසට් නිවේදනයේ සඳහන් කර ඇත.

හිටපු මහ බැංකු අධිපතිවරයෙකු අධිකරණයක් ඉදිරියේ අපරාධ විමර්ශනයක් හෝ නඩු ක්‍රියාදාමයක් පවත්වනු ලබන අවස්ථාවක එවැනි හිටපු මහ බැංකු අධිපතිවරයෙකුට විශ්‍රාම වැටුප් ගෙවීම එම විමර්ශන හෝ ක්‍රියාදාමයන් අවසන් වන තුරු අත්හිටුවිය යුතු බව ද එකී අපරාධ විමර්ශනයේ ප්‍රතිඵලයක් ලෙස හිටපු මහ බැංකු අධිපතිවරයා අපරාධ වරදකට වරදකරු කරනු ලැබුවහොත් එවැනි හිටපු මහ බැංකු අධිපතිවරයෙකුට විශ්‍රාම වැටුපක් ලැබීමට හිමිකම් නොලබන බව ද අදාළ ගැසට් නිවේදනය මගින් වැඩිදුරට ත් සඳහන් කර ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories