2026 ජූලි 25 සෙනසුරාදා, 21:14
නවතම පුවත්

අධිකරණවල ගොඩගැසී ඇති නඩු භාණ්ඩ දෙසැම්බර් 31 දක්වා නිශ්කාශනයට උපදෙස්

අධිකරණ සේවා කොමිෂන් සභාව (JSC) විසින් අධිකරණ නිලධාරීන් වෙත දැනුම් දී ඇත්තේ, අධිකරණවල ගොඩගැසී ඇති නඩු භාණ්ඩ ලබන දෙසැම්බර් 31 වැනි දිනට පෙර නිශ්කාෂණය කළ යුතු බවයි. JSC හි ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ඩී.එම්.ජේ. දිසානායක මහතා චක්‍රලේඛයක් මගින් සියලුම මහාධිකරණ විනිසුරුවන් සහ අධිකරණ නිලධාරීන් වෙත මෙම උපදෙස් ලබා දී තිබේ.

මෙම නිශ්කාශන කටයුතු කඩිනම් කිරීම සඳහා විශේෂ අවසරයක් ලබා දී ඇති අතර, ඒ අනුව නිලධාරීන්ට අද සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා, සති අන්ත දිනවල හෝ රජයේ නිවාඩු දිනයක වුවද, කොමිෂන් සභාවෙන් නැවත අවසර ඇයැදීමකින් තොරව මෙම කටයුතුවල නිරත විය හැකිය.

නඩු භාණ්ඩ කාමරය හෝ ලේඛනාගාරය විවෘත කිරීම සඳහා අදාළ අධිකරණ මට්ටම අනුව නිශ්චිත අධීක්ෂණ ක්‍රමවේදයක් චක්‍රලේඛය මගින් හඳුන්වා දී ඇත.

මහාධිකරණයක නඩු භාණ්ඩ කාමරය හෝ ලේඛනාගාරය විවෘත කිරීම මහාධිකරණ විනිසුරු විසින් නම් කළ සුදුසු නිලධාරියෙකුගේ සෘජු අධීක්ෂණය යටතේ සිදුකළ යුතුය.

දිසා/මහේස්ත්‍රාත් අධිකරණයක නඩු භාණ්ඩ කාමරය හෝ ලේඛනාගාරය විවෘත කිරීම දිසා විනිසුරු, මහේස්ත්‍රාත්, අතිරේක දිසා විනිසුරු හෝ අතිරේක මහේස්ත්‍රාත්වරයෙකුගේ සෘජු අධීක්ෂණය යටතේ සිදුකළ යුතුය.

අධිකරණ කාර්යාලය විවෘත කිරීම රෙජිස්ට්‍රාර් හෝ නියෝජ්‍ය රෙජිස්ට්‍රාර්වරයාගේ සෘජු අධීක්ෂණය යටතේ සිදුකළ යුතු බවද මෙම චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් වේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories