2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 20:33
නවතම පුවත්

මොඩිෆයි කරපු බීට් සයිලන්සර් ගහපු වාහන අල්ලන්න නියෝග කරයි

බහු – වර්ණ දැල්වෙන විදුලි පහන් සහ නළා සඳහා භාවිත කරන විවිධ ශබ්ද රටා වැනි නීතිවිරෝධී ලෙස නවීකරණය කරන ලද වාහනවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා සියලුම පොලිස් නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව මාර්ග ආරක්ෂාව සහ රථවාහන පාලනය තහවුරු කිරීම මෙම පරීක්ෂණවල අරමුණ බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය නිවේදනය කර ඇත.

නැවත දැනුම්දෙන තුරු මෙම පරීක්ෂා කිරීම් දිනපතා සිදුකෙරේ.

ඝෝෂාකාරී සයිලන්සර් සහ වෙනත් අනතුරුදායක වෙනස් කිරීම් සහිත වාහන පිළිබඳව සොයාබලන ලෙසද පොලිස් නිලධාරීන්ට උපදෙස් දී ඇත.

මෙවැනි නීතිවිරෝධී වෙනස්කිරීම් හේතුවෙන් වාහනවල ගමන් කරන්නන් මෙන්ම පදිකයන් ද අනතුරට ලක්විය හැකි බව වැඩබලන පොලිස්පතිවරයා අවධාරණය කරයි.

මීට අදාළ නීති නොතකා හැරීම මහජන අප්‍රසාදයට තුඩු දී ඇති අතර, ශ්‍රී ලංකා පොලිසියේ කීර්තිනාමයට ඉන් කැළලක් වී ඇති බව ද ඔහු සඳහන් කරයි.

මෙයට පිළියමක් ලෙස සෑම පොලිස් කොට්ඨාශයක්ම දිනකට මෙහෙයුම් දෙකක් පවත්වන ලෙසත්, ඒ සෑම එකක්ම පැය තුනක කාලයක් පවත්වා ගෙන යන ලෙසත්, එවැනි වාහන හඳුනාගෙන ඒවාට එරෙහිව පියවර ගන්නා ලෙසත් නියෝග කර ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories