ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේදී ඊයේ (04) රාත්‍රියේ සිදුවූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන්ගේ පවුල් සඳහා වන්දි ලබා දීමට ජනාධිපති අරමුදල විසින් පියවර ගෙන ඇත.
ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ, මෙම අනතුරේදී මිය ගිය එක් එක් පුද්ගලයා වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් ආධාර මුදලක් නිකුත් කිරීමට තීරණය කර ඇති බවයි.