2026 ජූලි 29 බදාදා, 18:54
නවතම පුවත්

මාලිමාවේ ශ්‍රමදානයට අහුවුණත් තමන් වැළලී නොගිය බව හරීන් කියයි

පසුගිය මැතිවරණයේදී ජාතික ජන බලවේගයේ ‘ශ්‍රමදානයට’ තමා හසුවූ නමුත්, තමන් වැළලී නොගිය බවත් යළි නැගිටීමට අදිටන් කරගෙන සිටින බවත් හිටපු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පැවැසීය.

හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නතක් ආනයනය කිරීම ඇතුළු ප්‍රමිතියෙන් තොර ඖෂධ වංචාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණීමෙන් අනතුරුව ඔහු මේ බව සඳහන් කළේය.

ප්‍රමිතියෙන් තොර ඖෂධ සම්බන්ධයෙන් පසුගිය කැබිනට් මණ්ඩලය වගකිව යුතුදැයි ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියාසිටියේ, දිනකට අමාත්‍යාංශ 60ක 70ක පමණ ලිපි ලේඛන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බැවින් එය කැබිනට් අමාත්‍යවරුන්ගේ ඍජු වගකීමක් නොවන බවයි.

“අමාත්‍යාංශ ලේකම්වරු සාමාන්‍යයෙන් මේ ලිපි ලේඛන අවසන් කරලා ඉදිරිපත් කරනවා. මම මගේ අමාත්‍යාංශයට අදාළ ලිපි ලේඛන සමාලෝචනය කළා. නමුත් අධිකරණ තීන්දුවට ගරු කරමින් මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය තොරතුරු ලබාදෙන්න ආවා,” ඔහු පැවසීය.

“ජනතාව අපට පාඩමක් ඉගැන්නුවා. ආයෙත් නැගිටින්නේ කොහොමද කියලා අපි ඉගෙනගත යුතුයි. අර්බුදකාරී අවස්ථාවේදී අපි පැනලා ගියේ නැහැ. මේ අභියෝගය හමුවේ පසුබට වෙන්නේ නැහැ” යනුවෙන්ද හරීන් ප්‍රනාන්දු පසුගියදා මැතිවරණ පරාජය සම්බන්ධයෙන් අදහස් පළකළේය.

මැතිවරණයේදී පක්‍ෂය “පොළවට සමතලා කර” ඇති බව පිළිගත් සියල්ල වැළලී නැති බව ඔහු අවධාරණය කළේය.

“අපි ජාතික ජන බලවේගයේ ශ්‍රමදානයට අහුවුණා. හැබැයි අපි ආයෙත් නැගිටින්න ඉගෙන ගන්න ඕන” හරීන් ප්‍රනාන්දු පැවසීය.

වත්මන් ආණ්ඩුව ගැන සඳහන් කරමින් ඔහු කියාසිටියේ “ඔවුන් පාර්ලිමේන්තුව සුද්ද කළා. දැන් අපිට ආණ්ඩුවේ අලුත් මුහුණු සහ ඇමතිවරු පේනවා” යනුවෙනි.

හරීන් ප්‍රනාන්දු නොවැම්බර් 21 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබූ නමුත් බදුල්ල ප්‍රදේශයේ සිටීම හේතුවෙන් අද දිනට පෙනීසිටීම සඳහා පැමිණ සිටියේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories