2026 ජූලි 31 සිකුරාදා, 11:02
නවතම පුවත්

රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති චෝදනා ප්‍රතික්ෂේප කරයි

තමන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බව රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, අසත්‍ය චෝදනා එල්ල කරමින් ඉල්ලා අස්වෙන ලෙසට ඉල්ලීම් කළ ද තමන් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සුදානම් නොමැති බවය.

රුහුණු විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා ධුරයෙන් ඉවත් කරන ලෙස බලකරමින් එම විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන කාර්ය මණ්ඩලය ඊයේ (19) දිනයේ සිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබුණි.

මෙම ගැටලුව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ආචාරය හරිනි අමරසුරිය සහ විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව අතර විශේෂ සාකච්ඡාවක් ද ඊයේ පස්වරුවේ පවත්වනු ලැබීය.

කෙසේවෙතත් එහිදී සිය ගැටලුවට විසදුම් නොලැබීම හේතුවෙන් අඛණ්ඩව සත්‍යග්‍රහයක් ක්‍රියාත්මක කරන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සඳහන් කළේය.

එල්ල වන චෝදනා සම්බන්ධයෙන් “අද දෙරණ” රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන මහතාගෙන් විමසීමක් කළේය.

“අධ්‍යාපන ඇමතිතුමියට, ලේකම්තුමියට හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට මම ඉල්ලා අස්වෙන්නේ නැති බව, ඒ චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බවත් දැන්වුවා. සමහර චෝදනාවලට මට විරුද්ධව විමර්ශන කිහිපයක් පැවැත්වෙලා තියෙනවා. ඒ සියලු විමර්ශනවලදී මට විරුද්ධව චෝදනා ඔප්පු කරන්න තරම් සාක්ෂි ඉදිරිපත් වෙලා තියෙනවා කියලා මම විශ්වාස කරන්නේ නෑ. එහෙම තිබුණා නම් මීට කලින් මට විරුද්ධව මට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න රජයකට පුළුවන්කම තිබුණා කියලා මම විශ්වාස කරනවා. විශ්වවිද්‍යාලයේ පීඨ 5ක් සම්පූර්ණයෙන්ම වැඩ. අනෙක් පීඨවලත් ආචාර්යවරු මේකට එකඟ නැති අය වැඩ. මේ වැඩවර්ජනය සාර්ථකයි කියලා මම විශ්වාස කරන්නේ නෑ. ඒකට හේතුව මගේ මර්දනය නෙමෙයි. ඒකට හේතුව ඔවුන්ගේ සටන්පාඨවල තියෙන දුර්වලකම.”

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories