2026 ජූලි 31 සිකුරාදා, 20:18
නවතම පුවත්

විරාත්ගේ කැත වැඩේට ලෝකයම දොස් කියයි

නවක ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයෙක් සමග ආරවුලක් ඇති කර ගැනීම සමබන්ධයෙන් හිටපු ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි බරපතළ ලෙස විවේචනයට ලක්ව තිබේ. මෙය පිළිකුල් සහගත මෙන්ම අවලස්සන දෙයක් බවත් ලෝකයේ ජනප්‍රියම ක්‍රිකට් ක්‍රීඩකයා වන විරාත් කෝලි කිසිසේත් නොගැළපෙන බව ක්‍රිකට් විචාරකයෝ පවසති.

ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර ඊයේ (26දා) මෙල්බන් හිදී ආරම්භ වූ සිව්වැනි ටෙස්ට් තරගයේදී ඇතිවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රීඩක විරාත් කෝලිට එරෙහිව දඩයක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු සෑම් කොන්ටාස් ගේ උරහිසෙහි ගැටී ඔහු සමග මතභේදයක් ඇතිකර ගැනීම සම්බන්ධයෙන් විරාත් කෝලිගේ තරග ගාස්තුවෙන් 20%ක් දඩයක් ලෙස අය කරගැනීමටත් ඔහුගේ විනය වාර්තාවට දඬුවම් ලකුණක් එකතු කිරීමටත් ක්‍රිකට් බලධාරීන් කටයුතු කර ඇති බවයි.

තරගයේ පළමු දිනයේ 10 වැනි පන්දු ඕවරය අවසානයේදී කෝලි කොන්ටාස් වෙත ඇවිද ගොස් වුවමනාවෙන් මෙන් ඔහුගේ උරහිසේ ගැටෙන අයුරු දැක්වෙන වීඩියෝව මේ වනවිට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි. සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන කොන්ටාස් වේගවත් ලකුණු 60ක් රැස් කිරීමට සමත් විය. 19 හැවිරිදි මෙම කොන්ටාස් ග්‍රීක සම්භවයක් සහිත ක්‍රීඩකයෙකි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය හිටපු ක්‍රිකට් නායකයකු වන රවී ශාස්ත්‍රි පවසා ඇත්තේ කෝලී සිදුකර ඇත්තේ අනවශ්‍ය ක්‍රියාවක් බවය. මේ අතර හිටපු ඔස්ට්‍රේලියානු නායක රිකී පොන්ටින් ද පැවසුවේ පළපුරුදු ක්‍රීඩකයකු වන කෝලී එම ගැටුම නිර්මාණය කළ බවය

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories