2026 ජූලි 28 අඟහරුවාදා, 11:18
නවතම පුවත්

අවතැන් කඳවුරුවල පිරිස් ඉඩම් ඉල්ලා විරෝධතා…

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් නෝර්වුඩ් ස්ටොක්හොම් වතුයායේ අවතැන්ව සිටින වතු කම්කරුවන් පිරිසක් තමන්ට පදිංචිය සඳහා සුදුසු ඉඩම් ඉල්ලා අද (17) විරෝධතාවක නිරත වූහ. ස්ටොක්හොම් වතුයායේ තේ කර්මාන්තශාලාව ඉදිරිපිට පැවති මෙම විරෝධතාවට භාරතීපුරම් දෙමළ මහා විද්‍යාලයේ තාවකාලිකව පදිංචි කර සිටින පවුල් 50කට අයත් සාමාජිකයෝ සහභාගී වූහ.

නායයෑමේ අවදානමක් හේතුවෙන් මෙම පිරිස ආරක්ෂිත මධ්‍යස්ථාන කරා යොමු කිරීමට ප්‍රාදේශීය ලේකම්වරයා සහ වතු පාලන අධිකාරිය මීට පෙර පියවර ගෙන තිබුණි. කෙසේ වෙතත්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් එම භූමිය පරීක්ෂා කර බලා නායයෑමේ අවදානමක් නොමැති බවට නිර්දේශ කිරීමත් සමඟ, වහාම කඳවුරුවලින් ඉවත් වන ලෙස නිලධාරීන් දැනුම් දී ඇති බව විරෝධතාකරුවෝ පවසති.

වතු කම්කරුවන් චෝදනා කරන්නේ මස්කෙළිඔයට ඉහළින් පිහිටි තම වතුයායේ ඉඩම් මේ වන විටත් විශාල ලෙස ඉරිතලා ඇති බවත්, පවතින තත්ත්වය මත තම නිවාසවල බිත්ති පුපුරා කඩා වැටීමේ දැඩි අවදානමක් පවතින බවත්ය. එම නිවාසවල නැවත පදිංචි වීමට තමන් බිය වන බවත්, ඒ වෙනුවට නිවසක් ඉදිකර ගැනීම සඳහා එම වතුයායෙන්ම සුදුසු ඉඩම් කැබැල්ලක් ලබා දෙන ලෙසත් ඔවුහු රජයෙන් ඉල්ලා සිටිති.

වතු ජනතාව වත්මන් ජනාධිපතිවරයා කෙරෙහි විශ්වාසය තබා ඇති බවත්, තමන්ට ආරක්ෂිත ඉඩම් කැබැල්ලක් ලබා දීමට රජය කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බවත් විරෝධතාකරුවෝ වැඩිදුරටත් සඳහන් කළහ. එතෙක් තමන් රැඳී සිටින ආරක්ෂිත මධ්‍යස්ථානයෙන් ඉවත් නොවන බවට ද ඔවුහු දැඩි ලෙස ප්‍රකාශ කර සිටිති.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories