2026 ජූලි 31 සිකුරාදා, 20:08
නවතම පුවත්

සූර්ය බලශක්ති උත්පාදනය කප්පාදු කිරීම ජාතික අපරාධයක් – පාඨලී චම්පික රණවක

පෙබරවාරි 09 වෙනිදා දිවයින පුරා සිදුවූ විදුලිය බිඳ වැටීමට හේතු සහ ජාතික විදුලිබල පද්ධතියේ ස්ථාවරත්වය වෙනුවෙන් ගත යුතු කඩිනම් සහ දීර්ඝකාලීන පියවරයන් සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කොට තිබේ.

එහි සඳහන් වන එක් බරපතල කරුණක් කෙරෙහි අපගේ බලවත් අවධානය යොමු විය යුතුව තිබේ.

එම මාධ්‍ය නිවේදනය මගින් දක්වා තිබුණේ, විදුලිය බිඳ වැටීම සිදුවන අවස්ථාවේ දී, ජාතික විදුලි ඉල්ලුමෙන් 50% කට වඩා වැඩි ප්‍රමාණයක් 800 MW සූර්ය බල විදුලි (PV) උත්පාදනයෙන් සපුරාලන ලද අතර, නොරොච්චෝලේ හි ලක්විජය බලාගාරයෙන් (470 MW) සහ ජල විදුලි බලාගාරවලින් (130 MW) අමතර සැපයුමක් ලබා ගන්නා ලද බවයි.

මෙහිදී එම තත්ත්වය පාදක කර ගනිමින් කඩිනමින් ගත යුතු පියවරක් ලෙස අස්ථාවරත්ව අවදානම් අවම කිරීම සඳහා බව කියමින් අඩු ඉල්ලුමක් ඇති අවස්ථාවල දී සූර්ය විදුලි උත්පාදනය කපා හැරීමට යෝජනා කොට තිබේ.

මෙසේ අවශ්‍ය ප්‍රමුඛ පියවරයන් තිබිය දී ලංකා විදුලි බල මණ්ඩලයේ නොහැකියාව වසා ගැනීම සඳහා සූර්ය බලශක්ති ධාරිතාව 50% දක්වා කප්පාදු කිරීම ජාතික අපරාධයක් බව අවධාරණය කළ යුතු ය. මෙම අදූරදර්ශී පියවර අපගේ අනාගතය, මිහිතලය සහ මනුෂ්‍ය ප්‍රජාව පාවා දීමක් බවත්, පුනර්ජනනීය බලශක්තිය යනු විකල්පයක් පමණක් නොව අවශ්‍යතාවයක් බවත් අපි රජයට අවධාරණය කරමු.

ගල් අඟුරු, තෙල් සහ වායු ආදී පොසිල ඉන්ධන මගින් නිපදවන පුනර්ජනනීය නොවන බලශක්ති ප්‍රභවයන් ලෝකය දූෂිත කරනවා පමණක් නොව, අධික පිරිවැයක් දරයි. ගල් අඟුරු, තෙල් මාෆියාවන්ගේ අරමුණු ඉටු කරන මෙම නුසුදුසු ක්‍රියාව දිගින් දිගටම සිදුකිරීමට ඉඩ නොදී මේ සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් වහාම පියවර ගැනීම අත්‍යවශ්‍ය ය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories