2026 ජූලි 29 බදාදා, 03:20
නවතම පුවත්

” අසම්පූර්ණ විමර්ශන ගොනු එවන්න එපා ” නීතිපති පොලීසියට කියයි

නීතිපති උපදෙස් පතා අසම්පූර්ණ විමර්ශන ගොනු නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු නොකරන ලෙස නීතිපති, ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ මහතා පොලීසියට උපදෙස් දී තිබේ.

ආන්දෝලනාත්මක සිද්ධීන් ඇතුළු බරපතළ අපරාධ, මහා පරිමාණ වංචා දූෂණ සම්බන්ධයෙන් අසම්පූර්ණ විමර්ශන ගොනු යොමු කිරීම තුළින් එම සිද්ධීන්ට අදාළව නීතිපති උපදෙස් දීමට දීර්ඝ කාලයක් ගතවීම පිළිබඳ සලකා බලා මෙම උපදෙස් ලබා දී ඇත.

නීතිපතිවරයා විසින් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් පිරිසක් නීතිපති දෙපාර්තමේන්තුව වෙත කැඳවා මෙම උපදෙස් ලබා දුන් බව නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විවිධ පොලිස් ස්ථාන මගින් යොමු කරන විමර්ශන ගොනුවලින් විශාල ප්‍රමාණයක අඩුපාඩු රැසක් දක්නට ලැබෙන අවස්ථා ඇති බවයි. එවැනි අවස්ථාවලදී අදාළ අඩුපාඩු කඩිනමින් සකස් කර විමර්ශන ගොනු සම්පූර්ණ කර එවන ලෙස පොලීසියට උපදෙස් දීමට සිදුවන අතර, ඒ සඳහා කාලයක් ගත වීම නිසා නීතිපති උපදෙස් දීමේ ප්‍රමාදයක් ඇතිවන බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

නීතිපති උපදෙස් ප්‍රමාදවීම හේතුවෙන් අධිකරණ මගින් නීතිපතිවරයා වෙත සිහි කැඳවීම් ලිපි රැසක් ද මේ වන විට යොමු වී තිබෙන බව ද නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories