2026 ජූලි 31 සිකුරාදා, 08:02
නවතම පුවත්

කෘෂිකර්මයේ අභියෝග ජය ගැනීමට ජාත්‍යන්තර සමුළුවක් ශ්‍රී ලංකාවේ දී

දේශගුණික විපර්යාසයන් හේතුවෙන් කෘෂිකර්මාන්තයට එල්ල වී ඇති අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීම සහ නව අවස්ථාවන් හඳුනා ගැනීම අරමුණු කරගත් ජාත්‍යන්තර සමුළුවක් ශ්‍රී ලංකාවේ දී ලබන මස පැවැත්වීමට නියමිතය.

“දේශගුණික විපර්යාස හා නිවර්තන කලාපීය කෘෂිකර්මය පිළිබඳ ජාත්‍යන්තර සමුළුව – CCATL 2025” යනුවෙන් නම් කර ඇති මෙම සමුළුව 2025 මැයි මස 05 සහ 06 යන දෙදින තුළ කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

කෘෂිකර්ම ක්ෂේත්‍රයේ පවතින අභියෝගයන් පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කිරීම සහ ඒ සඳහා නව්‍ය විසඳුම් සෙවීම නිවර්තන, උපනිවර්තන සහ සෞම්‍ය කලාපවලින් පැමිණෙන විශේෂඥයින් එක්තැන් කරමින් පැවැත්වෙන මෙම සමුළුවේ ප්‍රධාන අරමුණ වේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව සහ ලොව පුරා නිවර්තන කලාපවල කෘෂිකර්මාන්තයේ පුනර්ජීවනයක් ඇති කිරීම සහ වඩාත් නිවැරදි පුරෝකථනයන් සිදු කිරීම මෙම සමුළුවේ තවත් අපේක්ෂාවක්‍ වේ.

විවිධ දේශගුණික කලාපවල පර්යේෂකයන් එක් කර ගනිමින් තිරසාර කෘෂිකර්මය සඳහා නව්‍ය විසඳුම් ගවේෂණය කිරීමට වේදිකාවක් “ඔරොත්තු දෙන සහ තිරසාර අනාගතයක් සඳහා කෘෂිකර්මය සවිබල ගැන්වීම” යන තේමාව යටතේ පැවැත්වෙන CCATL 2025 සමුළුව, සපයයි.

දැනුම සහ උපාය මාර්ග හුවමාරු කර ගැනීම තුළින් දේශගුණික විපර්යාසයන්ට අනුවර්තනය වීමේ හැකියාව ශක්තිමත් කිරීම, ආහාර සුරක්ෂිතතාව වැඩි දියුණු කිරීම සහ නිවර්තන කලාපවල ඔරොත්තු දෙන කෘෂිකාර්මික අනාගතයක් සඳහා එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්කයන් (SDGs) ප්‍රවර්ධනය කිරීම මෙම සමුළුවේ මූලික ඉලක්කයයි.

සමුළුවේ සභාපති මෙන්ම ශ්‍රී ලංකා ජාතික විද්‍යා පදනමේ සභාපති සහ රුහුණ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම ඉංජිනේරු මහාචාර්ය සමන් සෙනෙවීර මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ නිවර්තන කලාපීය කලාප බොහෝ විට විද්‍යාත්මක පර්යේෂණවල දී අවතක්සේරු කර ඇති බවයි. එම නිසා මෙම සමුළුව මඟින් එම දත්ත හිඩැස පිරවීම, පවතින දැනුම ඒකාබද්ධ කිරීම, සහයෝගීතාව වර්ධනය කිරීම සහ ගෝලීය ආහාර සුරක්ෂිතතාවයට දේශගුණික විපර්යාසවල බලපෑම පිළිබඳ අවබෝධය වැඩි දියුණු කිරීම අරමුණු කරන බවයි.

තවද, කෘෂිකර්මය පුනර්ජීවනය කිරීම සහ තිරසාර භාවිතාවන් සවිබල ගැන්වීම සඳහා වන මෙම පරිවර්තනීය සංවාදයට එක්වන ලෙස ඔහු සියලු දෙනාටම ආරාධනා කළේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories