2026 ජූලි 29 බදාදා, 03:30
නවතම පුවත්

ඩිජිටල් ආර්ථිකයට නව පණක් . QR එන හැටි ජනපති කියයි

මෙරට ඩිජිටල් ආර්ථිකයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ආරම්භ කරන ලද “ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතියේ” සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේ සමාජයට නව සහ කාර්යක්ෂම ක්‍රමවේද වැලඳගැනීමට අවශ්‍ය උත්තේජනය රජයේ නිලධාරීන් විසින් ලබාදිය යුතු බවයි.

රටේ පවතින සංකීර්ණ ආර්ථික ගැටලු විසඳා ගැනීමට නම් ඩිජිටල් ගනුදෙනු පද්ධතියක් කරා අප අනිවාර්යයෙන්ම ප්‍රවිශ්ට විය යුතු බව පෙන්වා දුන් ඒ මහතා, රජයේ මූලික ඉලක්කය වන්නේ මෙරට පවතින අවිධිමත් ආර්ථිකය විධිමත් ආර්ථික පද්ධතියක් දක්වා පරිවර්තනය කිරීම බව සඳහන් කළේය. එමෙන්ම විවිධ ක්ෂේත්‍ර ඩිජිටල්කරණය කිරීම හරහා ඩොලර් බිලියන 15ක ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීමේ ඉලක්කයක් රජය සතුව පවතින බවද ජනාධිපතිවරයා මෙහිදී හෙළි කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ අතීතයේදී ඉන්ධන සීමා කිරීම වැනි කටයුතු සඳහා QR තාක්ෂණය භාවිත කිරීම හේතුවෙන්, ජනතාව තුළ එම තාක්ෂණය යම් සීමා කිරීමක මෙවලමක් ලෙස වැරදි වැටහීමක් පවතින බවයි. මෙම දුර්මතය ඉවත් කිරීම සඳහා විශේෂ අධ්‍යාපනික වැඩසටහන් අවශ්‍ය බවත්, QR යනු ගනුදෙනු පහසු කරන නවීන මෙවලමක් බව ජනතාවට ඒත්තු ගැන්විය යුතු බවත් ඔහු පැවසීය.

විශේෂයෙන්ම එළඹෙන සිංහල සහ දමිළ අලුත් අවුරුදු සමය මේ සඳහා හොඳ අවස්ථාවක් කරගත හැකි බවත්, මූල්‍ය ආයතන තම ප්‍රචාරක කටයුතුවලදී අලුත් අවුරුදු ගනුදෙනු QR කේත හරහා සිදු කිරීමට ජනතාව උනන්දු කරන්නේ නම් එය මෙරට ආර්ථිකයේ විශාල හැරවුම් ලක්ෂයක් වනු ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories