ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම වෙත 2026 වර්ෂය සඳහා අවශ්‍ය ද්‍රව පෙට්‍රෝලියම් වායු (LP Gas) සපයා ගැනීම Geo Gas Trading S.A. වෙත ප්‍රදානය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
2026 ජනවාරි මාසයේ සිට මාස 12ක කාලයක් සඳහා ද්‍රව පෙට්‍රෝලියම් වායු මෙට්‍රික් ටොන් 380,000ක් (+ 20%ක්) ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම වෙත සපයා ගැනීම මෙම ප්‍රසම්පාදනයට ඇතුළත් වේ.
ප්‍රසම්පාදන මාර්ගෝපදේශ – 2024හි විධිවිධාන පරිදි ද්විත්ව කවර ක්‍රමවේදය යටතේ තාක්ෂණික හා මූල්‍ය ලංසු කැඳවා තිබූ අතර, ලංසුකරුවන් 5 දෙනෙකු විසින් ලංසු ඉදිරිපත් කර තිබුණි. තාක්ෂණික ඇගයීමෙන් අනතුරුව මූල්‍ය ලංසු ඇගයීම සඳහා ලංසු 2ක් සුදුසුකම් ලබා ඇත.
ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව සහ ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව මෙම තීරණය ගෙන ඇත.