2026 ජූලි 29 බදාදා, 05:07
නවතම පුවත්

හරස් මාර්ගය වසා තිබියදී බසය එලවූ රියදුරු පොලිස් භාරයට!

නාවලපිටිය, වරකාව ප්‍රදේශයේ පිහිටි දුම්රිය හරස් මාර්ගය වසා තිබියදී අවදානම නොතකා බස් රථයක් ධාවනය කළ රියදුරෙකු නාවලපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිද්ධිය ඉකුත් ජූලි 17 වන දින වාර්තා වූ අතර, ගිනිගත්හේන, ලක්ෂපාන ප්‍රදේශයේ සිට මහනුවර දක්වා ධාවනය වෙමින් තිබූ අදාළ බස් රථය වරකාව දුම්රිය හරස් මාර්ගය අසලට පැමිණෙන විටත් දුම්රිය ආරක්ෂිත ගේට්ටුව වසා දමා තිබී ඇත. කෙසේ වෙතත්, බස් රථ රියදුරා ප්‍රතිවිරුද්ධ දිශාවේ රේල් ගේට්ටුවේ තිබූ කුඩා ඉඩකින් බස් රථය ධාවනය කර තිබේ.

අදාළ ස්ථානයෙන් බස් රථය පිටත් වී සුළු වේලාවකින් මහනුවර සිට නාවලපිටිය දක්වා ගමන්ගත් මගී ප්‍රවාහන දුම්රිය පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.

මෙම සිදුවීම අසල තිබූ වෙළෙඳසැලක සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබූ අතර, සිද්ධිය සම්බන්ධයෙන් දුම්රිය ආරක්ෂිත ගේට්ටුවේ මුරකරු විසින් නාවලපිටිය පොලිසිය වෙත පැමිණිලි කර ඇත. ඒ අනුව, එම බස් රථයේ රියදුරා සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ අතර, පසුව ඇප මත මුදාහැරුණි. කෙසේ වෙතත්, සැකකරුට එරෙහිව නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනීමට නියමිතය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories