කළුතර, කටුකුරුන්ද වෙරළ තීරයට අද (නොවැම්බර් 05) උදෑසන මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන පාර්සලයක් ගොඩගසා තිබේ.
කිලෝග්‍රෑම් 10ක පමණ බරැති මෙම පාර්සලය වෙරළට ගොඩගසා තිබියදී ඒ අසල සංචාරක හෝටලයක සේවකයින් විසින් දැක, ඒ පිළිබඳව ආරක්ෂක අංශ දැනුවත් කර ඇත.
පසුව පොලිස් විශේෂ කාර්ය බළකාය පැමිණ එම පාර්සලය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා භාරයට ගෙන තිබේ.
මෙම පාර්සලය මුහුදේ පාවී ආවේද, නැතහොත් කිසියම් පුද්ගලයෙකු පැමිණ මෙම ස්ථානයේ දමා ගොස් තිබේද යන්න පිළිබඳව කළුතර කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බළකාය සහ කළුතර දකුණ පොලීසිය මේ වන විට විමර්ශන සිදුකරයි.