2026 ජූලි 31 සිකුරාදා, 08:03
නවතම පුවත්

පුෂ්පිකාගෙන් ගලවපු රූ රැජිණ කිරුළ උසාවිය ආයෙත් දෙයි

ලෝක විවාහක රූ රැජින තරගාවලිය සඳහා මෙරට බලයලත් ආයතනය විසින් පුෂ්පිකා ද සිල්වා 2021 වසරේ ලෝක විවාහක රූ රැජින තරගාවලිය සඳහා මෙරටින් තේරී පත්වුණු විවාහක රූ රැජින ලෙස නැවත නිල වශයෙන් නම්කරන ලදී.

ඒ , මේ පිළිබඳ ලබාදුන් අධිකරණ නියෝගයකට අනුවය.

මිසිස් ශ්‍රී ලංකා වර්ල්ඩ් හි ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ සහ පුෂ්පිකා ද සිල්වා ඊයේ (28) ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී ජයසිංහ විසින් පුෂ්පිකා ද සිල්වා 2021 මිසිස් ශ්‍රී ලංකා ෆෝ මිසිස් වර්ල්ඩ් ලෙස නැවත පත් කරන ලදී.

ජයසිංහ කියා සිටියේ පුෂ්පිකා ද සිල්වා ප්‍රසිද්ධියේ යළි එම කිරුළේ පිහිටුවන ලෙස ලබාදුන් අධිකරණ නියෝගයේ කොටසක් ලෙස මෙම මාධ්‍ය සාකච්ඡාව පැවැත්වූ බවයි.

2022 වසරේ දී පුෂ්පිකා ද සිල්වාගෙන් මිසිස් ශ්‍රී ලංකා කිරුළ ඉවත් කිරීමෙන් පසු ඇයට එය නැවත ලබා දෙන ලෙස අධිකරණය විසින් ඔක්තෝබර් මාසයේදී නියෝග කර තිබිණි.

පුෂ්පිකා ද සිල්වා ගොනුකළ නඩුවකින් අනතුරුව ගල්කිස්ස දිසා අධිකරණය මෙම නියෝගය ලබාදී ඇත.

එම වසරේ එක්සත් ජනපදයේ පැවති ගෝලීය ඉසව්ව ජයග්‍රහණය කිරීමට මෙම චෝදනාව ඇයට බාධාවක් වූ බව පවසමින් 2022 දී ඇයගේ දේශීය කිරුළ ඇයගෙන් ඉවත් කරන ලදී.

ද සිල්වාගේ ප්‍රකාශයන් ගෝලීය වශයෙන් ශ්‍රී ලංකාවේ කීර්ති නාමයට හානියක් වූ බව ප්‍රාදේශීය සංවිධායකයන් එකල පවසා තිබිණි.

ඇයගේ මිසිස් ශ්‍රී ලංකා නාමය ඉවත් කර ඇති අතර එය කිසිදු ප්‍රවර්ධන කටයුත්තක් සඳහා භාවිත කිරීම තහනම් කර ඇති බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

කෙසේවෙතත්, ඔක්තෝබර් මාසයේදී අධිකරණ දුන් තීන්දුවෙන් පසු දේශීය සංවිධායකයන් කියා සිටියේ තමන් එම ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා බවත් 2021 වසර සඳහා හිමිකරු පුෂ්පිකා ද සිල්වා බවත්ය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories