පාසල් ආරම්භක දිනය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා පවසයි.
ඒ අනුව, පෙර දැනුම් දුන් පරිදි දෙසැම්බර් 16 වැනි දින පාසල් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ඒ මහතා සඳහන් කළේය.
කෙසේ වෙතත්, පාසල් ආරම්භය සම්බන්ධයෙන් අද (දෙසැම්බර් 02) දිනයේ ද සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.
ආපදාවට ලක්වූ ප්‍රදේශවල පාසල් පළාත් මට්ටමින් හෝ ආරම්භ කිරීමට කටයුතු කරන බව ද අධ්‍යාපන ලේකම්වරයා පැවසීය.