2026 ජූලි 29 බදාදා, 03:25
නවතම පුවත්

බදු නොගෙවූ කඩ කාමර 15කට මුද්‍රා තැබෙයි

නාවලපිටිය නගර සභාවට අයත් සුපිරි වෙළෙඳ සංකීර්ණයේ බදු මුදල් ගෙවීම පැහැර හැර තිබූ වෙළෙඳසැල් 15ක් මුද්‍රා තබා රජයට පවරා ගැනීමට මධ්‍යම පළාත් ආදායම් පරීක්ෂකවරුන් අද (07) පියවර ගෙන තිබේ. රුපියල් ලක්ෂ 150කට ආසන්න හිඟ බදු මුදල් අයකර ගැනීම වෙනුවෙන් මධ්‍යම පළාත් ලේකම්වරියගේ නියෝගයක් මත මෙම වැටලීම සිදු කෙරිණි.

2010 වසරේදී මහින්ද චින්තන වැඩපිළිවෙළ යටතේ ඉදිකරන ලද මෙම වෙළෙඳ සංකීර්ණය කඩ කාමර 187කින් සමන්විතය. මුලින් රුපියල් 1,000ක මාසික කුලියකට ලබා දී තිබූ මෙම වෙළෙඳසැල්, 2018 වසරේ සිදුකළ තක්සේරුවකට අනුව රුපියල් 8,000ක් දක්වා ඉහළ දැමීමට තීරණය විය. එහෙත් එම තක්සේරු මුදල වැඩි බව පවසමින් ව්‍යාපාරිකයන් පිරිසක් බදු ගෙවීම පැහැර හැර ඇති අතර, ඒ සම්බන්ධයෙන් කොළඹ වාණිජ මහා අධිකරණයේ පවරා තිබූ නඩුව ද මීට පෙර නිෂ්ප්‍රභ විය.

මධ්‍යම පළාත් සභාවේ ආදායම් පරීක්ෂක ආර්.එම්. රත්නායක මහතා සඳහන් කළේ, වෙළෙඳසැල් මුද්‍රා තබන අවස්ථාවේදී ඇතැම් ව්‍යාපාරිකයන් රුපියල් ලක්ෂ 100ක පමණ හිඟ මුදල් පියවීමට කටයුතු කළ බවයි. කෙසේ වෙතත්, හිඟ මුදල් ගෙවීමට අපොහොසත් වූ ව්‍යාපාරික ස්ථාන 15ක් නාවලපිටිය පොලිසියේ සහය ඇතිව මෙලෙස මුද්‍රා තබා නගර සභාවට පවරා ගනු ලැබීය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories