2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 18:57
නවතම පුවත්

තොටළඟ කන්නාට ජීවිතාන්තය තෙක් සිර දඬුවම්

හෙරොයින් ග්‍රෑම් 39.99ක ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම යන චෝදනා දෙකට වරදකරු කරමින් ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කනපති ගනේෂ් හෙවත් “තොටළඟ කන්නා” නමැත්තාට නියම කළ ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවම අද (17) සිට ක්‍රියාත්මක කරන ලෙස කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා බන්ධනාගාර අධිකාරීවරයාට නියම කළේය.

මෙම විත්තිකරු වෙනුවෙන් දඬුවම් බලපත්‍රයක් නිකුත් කරන ලෙසට ද මහාධිකරණ ලේඛාධිකාරිවරයාට විනිසුරුවරයා නියෝග කළේය.

මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් 2014 දෙසැම්බර් 26 වනදා අත්අඩංගුවට ගෙන තිබූ මෙම විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා ගොනු කර තිබූ නඩුවක්, විත්තිකරු නොමැතිව විභාග කළ මහාධිකරණය පසුගිය ඔක්තෝබර් 10 වනදා චෝදනා දෙකට වෙන් වෙන්ව ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවම් නියම කර තිබුණි. එදින විවෘත වරෙන්තු ද නිකුත් කරමින් ඒවා වහාම ක්‍රියාත්මක කරන ලෙසට පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට ද අධිකරණය නියෝග කර තිබිණි.

කොළඹ අපරාධ කොට්ඨාශය විසින් කොටහේන ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි විත්තිකරු, බන්ධනාගාර නිලධාරීන් විසින් අද දින කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

මීට අමතරව, විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කළ ඉල්ලීමක් සලකා බැලූ විනිසුරුවරයා, විත්තිකරුගේ රෝගී තත්ත්වයට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට පියවර ගන්නා ලෙසට ද බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළේය. නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥ නිමේෂා ද අල්විස් මහත්මිය අධිකරණයේ පෙනී සිටියාය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories