2026 ජූලි 31 සිකුරාදා, 06:09
නවතම පුවත්

මාසික මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල අද අඩු වෙයි?

මාසික මිල සූත්‍රයට අනුව සිදුවන ඉන්ධන මිල ගණන් සංශෝධනය අද (31) මධ්‍යම රාත්‍රියේ සිදු වීමට නියමිතය. කෙසේවෙතත් ඉන්ධන මිල සංශෝධනයක් සිදු වන බවට තවමත් දැනුම්දී නොමැත.

පසුගිය සති කිහිපයේ සිට ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ගණන් දිගින් දිගටම පහළ යමින් පවති.

පසුගිය මාසයට සාපේක්ෂව බොරතෙල් මිලෙහි තවමත් පහළ අගයක් පවතින අතර පසුගිය මාසයේ අවසන් වරට ඉන්ධන මිල ගණන් සංශෝධනය සිදු වූයේ පහත ආකාරයටය.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 21කින් අඩු වූ අතර එහි නව මිල රුපියල් 311කි.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිලෙහි කිසිඳු වෙනසක් සිදු නොවන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කළේය.

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 24කින් අඩු කෙරුණු අතර එහි නව මිල රුපියල් 283කි.

ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 33කින් අඩු කෙරුණ අතර එහි නව මිල රුපියල් 319කි.

ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 19කින් අඩු කළ අතර එහි නව මිල රුපියල් 183කි.

ඒ අනුව සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් හා සමාන වන පරිදි IOC සමාගම ද තම ඉන්ධන මිල ගණන් ද පහළ දමනු ලැබීය.

සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් අනුව සයිනොපෙක් ඉන්ධන මිල ගණන් ද පහළ දමනු ලැබීය.

මේ අතර , ලබන මාසයේ සිට සෞදි ආරබිය චීනය වෙත සිදු කරන බොරතෙල් සැපයුම ඉහළ දැමීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කෙසේවෙතත් ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිල දැනට පහළ අගයක් පැවතීම තුළ ලංකාවේ ද ඉන්ධත මිල පාරිභෝගිකයින්ට දැනෙන ගණනකින් අඩු කළ හැකි වේ.

එවන් තත්ත්වයක් තුළ අද (31) මධ්‍යම රාත්‍රියේ සිදු කිරීමට නියමිත ඉන්ධන මිල සංශෝධනයේදී තෙල් මිල තවත් පහළ යනු ඇති බව විශේලේෂකයින් පවසයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories