2026 ජූලි 25 සෙනසුරාදා, 23:00
නවතම පුවත්

ILT20 ක්‍රීඩා කරන ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් වහාම ආපසු කැඳවයි

ඩුබායි හිදී දැන් ක්‍රියාත්මක වන ‘ඉන්ටර්නැෂනල් ලීග්’ පන්දුවාර 20 තරගාවලියේ (ILT20) ක්‍රීඩා කරන සියලු ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට තරගාවලිය අතහැර දෙසැම්බර් 20 වැනිදා වන විට ශ්‍රී ලංකාවට වාර්තා කරන මෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් දැනුම් දී ඇතැයි වාර්තා වේ.

අදාළ හදිසි කැඳවීමට හේතුව කුමක්දැයි එම ක්‍රීඩකයන් වෙත නිශ්චිතව දැනුම් දී නැතත්, ශ්‍රී ලංකා පිතිකරුවන්ට දඟ පන්දු යවන්නන් හමුවේ වැඩි යෙදීමක් ලබාදීම මූලික අරමුණු කරගනිමින් දැන් ක්‍රියාත්මක දේශීය ‘මේජර් ලීග් තුන් දින තරගාවලියට’ මෙම ක්‍රීඩකයන් යොදාගැනීම මෙම කැඳවීමේ අරමුණ බව නිල නොලත් ආරංචි මාර්ග මගින් පැවසිනි.

කෙසේ වුවද මෙම හදිසි කැඳවීම හේතුවෙන්, මේ වන විටත් තරගාවලියට සම්බන්ධව සිටින මෙරට ක්‍රීඩකයන් මෙන්ම මෙම සතියේදී තරගාවලියට එක්වීමට සියල්ල සූදානම් කරගෙන සිටි මෙරට සෙසු ක්‍රීඩකයන් කිහිපදෙනාද දැඩි අපහසුතාවකට ලක්ව ඇතැයි සැලවේ.

මේ වන විට පැතුම් නිස්සංක, මහීෂ් තීක්ෂණ, කමිඳු මෙන්ඩිස්, නුවන් තුෂාර සහ මතීෂ පතිරණ මෙම ILT20 තරගාවලියේ ක්‍රීඩා කරන අතර, දසුන් ශානක ඩුබායි කැපිටල්ස් කණ්ඩායමේ නායකත්වය ද දරනු ලබයි. මේ අතර වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර, කුසල් ජනිත් සහ මිලාන් රත්නායක මෙම සතිය ඇතුළත තරගාවලියට එක්වීමේ බලාපොරොත්තුවෙන් පසුවිය.

උද්ගත තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලෝක කුසලානලාභී ශ්‍රී ලංකා කණ්ඩායම් සාමාජිකයකු පවසා ඇත්තේ, ජාත්‍යන්තරයේ ඉහළින්ම සිටින ක්‍රීඩකයන් රැසක් තරග වදින මෙවැනි පන්දුවාර 20 තරග අත්දැකීමක් ක්‍රීඩකයන්ට අහිමි කරමින් ඔවුන්ව (රතු පන්දුවෙන් තරග වදින) දේශීය තුන් දින තරගාවලියක අත්දැකීම් අරමුණු කරගනිමින් මෙරටට කැඳවීම විහිළුවක් බවයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories