2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 16:23
නවතම පුවත්

මහජනතාව එදිනෙදා කැමට වියදම් කරන අවම මුදල වැඩිවෙයි

2025 ජනවාරි මාසය සඳහා වන නිල දරිද්‍රතා රේඛා සටහන නිකුත් කර තිබේ.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් මෙම සටහන ප්‍රකාශයට පත්කරනු ලබයි.

අදාළ සටහනට අනුව පුද්ගලයකු හට සිය මූලික අවශ්‍යතා සපුරාගැනීම සඳහා මාසයක් තුළ අවශ්‍ය කෙරෙන අවම මුදල 2025 ජනවාරි මාසයේ දී රු. 16,334 ක් ලෙසින් දක්වා ඇත.

එය 2024 දෙසැම්බර් මාසයේ දී වාර්තා වී තිබූ අගය වන රු. 16,191 ට වඩා 0.88%ක වැඩිවීමකි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන පරිදි 2025 ජනවාරි මාසයේ දී ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මෙරට උද්ධමනය ඊට පෙර මාසයට සාපේක්ෂව ඉහළ ගොස් තිබීම මෙලෙස දරිද්‍රතා සීමාව ඉහළ යෑමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ.

දරිද්‍රතා රේඛා සටහන දිස්ත්‍රික්ක මට්ටමින් ප්‍රකාශයට පත්කෙරෙන අතර එහිදී ඉහළම අගය කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ.

ඊට අනුව කොළඹ දිස්ත්‍රික්කය තුළ වෙසෙන පුද්ගලයකුට රු.17,617 ක් සිය අවම මූලික අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍ය වනු ඇත.

අවම අගය මොනරාගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එය රු. 15,618 කි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2025 ජනවාරි මාසයට අදාළව ප්‍රකාශයට පත් කරන ලද නවතම දරිද්‍රතා රේඛා සටහන පහතින් දැක්වේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories