2026 ජූලි 29 බදාදා, 07:14
නවතම පුවත්

ඉෂාරා සෙව්වන්දි අද දිවයිනට රැගෙන එයි

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් “ගණේමුල්ල සංජීව” ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි අද (ඔක්තෝබර් 15) දින දිවයිනට රැගෙන ඒමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

ඇයව අත්අඩංගුවට ගනු ලැබුවේ නේපාල ආරක්ෂක අංශ සමග සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමක දී නේපාලයේ කත්මණ්ඩු නුවර සිට කිලෝමීටර 18ක පමණ දුරින් පිහිටි නිවසක රැඳී සිටියදීය.

ඉෂාරා සෙව්වන්දි සමග තවත් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු එහිදී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පිරිස අතර දැනට පොලිස් අත්අඩංගුවේ පසුවන අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන ‘කෙහෙල්බද්දර පද්මේ’ නැමැත්තාගේ සමීපතමයෙකු ද සිටින බව වාර්තා වේ.

සංවිධානාත්මක අපරාධකරුවකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ‘ගණේමුල්ල සංජීව’ ඉකුත් පෙබරවාරි 19 වනදා අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී වෙඩිතබා ඝාතනය කරනු ලැබූ අතර, එම ඝාතනය කෙහෙල්බද්දර පද්මේගේ පාර්ශ්වය විසින් සිදුකර තිබුණි.

මෙම ඝාතනය සිදුකළ වෙඩික්කරු බවට පැවසෙන සමිඳු දිල්ෂාන් පියුමංග නැමැත්තාව එදිනම පුත්තලම, පාලවිය ප්‍රදේශයේදී විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ අත්අඩංගුවට ගනු ලැබීය.

පසුව අධිකරණ සංකීර්ණයේ CCTV කැමරා පරීක්ෂා කිරීමේදී අනාවරණ වූයේ කාන්තාවක් ද වෙඩික්කරුගේ සහායට පැමිණ ඇති බවය. එම කාන්තාව නීති ක්ෂේත්‍රයේ භාවිත කරන පොතක් තුළ වෙඩිතැබීම සඳහා භාවිත කළ ගිනිඅවිය රැගෙනවිත් ඇති බවට හෙළි වූ අතර, පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබුණේ, ඇය මිනුවන්ගොඩ පදිංචි ඉෂාර සෙව්වන්දි බවය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories