2026 ජූලි 27 සඳුදා, 02:04
නවතම පුවත්

කොළඹ නගරයේ ගංවතුරට හේතුව අනවසර ඉදිකිරීම්

කොළඹ නගරය ජලයෙන් යටවීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ පෞද්ගලික දේශපාලන අවශ්‍යතා මත අනවසර ඉදිකිරීම් සිදුකිරීම බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසන්නීය.

කොළඹ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටුවට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.

“කොළඹ දිස්ත්‍රික්කය තුළ හරි සැලසුම් නැතුව එක එක දේශපාලන න්‍යාය පත්‍ර මත, අතිශයින්ම පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍ර තුළ ගත්තු තීරණ නිසා තමයි කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව මේ විදියට අවදානම් තත්ත්වයකට මුහුණ දීලා තියෙන්නේ කියන එක ඉතාම පැහැදිලියි,” අගමැතිවරිය පැවසුවාය.

ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ආකාරයට මින් ඉදිරියට මේ විදියට අනවසර ඉදිකිරීම් මෙන්ම අවදානම් සහිත තැන්වල ජනතාවට ඉදිකිරීම් කිරීමට කිසිසේත්ම ඉඩ නොදෙන බවට තහවුරු කළ බව ඇය සඳහන් කළාය.

“කොළඹ දිස්ත්‍රික්කය තුළ අවදානම් සහිත ප්‍රදේශවල ඉන්න ජනතාවට විකල්පයන් ගත යුතුයි කියලා අපි සාකච්ඡා කළා.”

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය පැවසුවේ, කොළඹ දිස්ත්‍රික්කයේ ගංවතුර පාලනය සඳහා පොදු සැලැස්මක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවය.

“අපිට සැලසුමක් නැතුව නීතිරීති ගැන කිසිම තක්සේරුවක් නැතුව කොළඹ දිස්ත්‍රික්කයේ සංවර්ධනය කියන නාමයෙන් අනවසර ඉදිකිරීම් කරන්නත් ජනාවාස හදන්නත් ඉඩදෙන්න බෑ. ඒ නිසා කොළඹ ජනතාවගේ ආරක්ෂාව තහවුරු වෙන විදියට, කොළඹ ජනතාවට වාර්ෂිකව ගංවතුර ජීවිතේ කොටසක් වෙන විදියට පත්වෙන්න තත්ත්වයකට අපි කිසිසේත්ම ඉඩ තියන්නේ නෑ.”

ඒ වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අදාළ ආයතන සමඟ සාකච්ඡා කළ බවත්, සියලුම ආයතන එකතු වී කොළඹ දිස්ත්‍රික්කයේ ගංවතුර පාලනයට පොදු සැලැස්මක් ඉදිරිපත් කර ඒ අනුව ක්‍රියාත්මක වන බවට යෝජනා කර ඇති බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories