2026 ජූලි 31 සිකුරාදා, 22:09
නවතම පුවත්

ආනන්ද පාලිතට මිලියන500ක එන්තරවාසියක්

සමඟි ජන බලවේගයේ වෘත්තීය සමිති නායකයකු වන ආනන්ද පාලිත විසින් හිතාමතා, සැලැසුම් සහගතව කරන ලද අසත්‍ය සහ ද්වේෂසහගත ප්‍රචාරයක් සම්බන්ධයෙන් රුපියල් මිලියන 500ක වන්දි මුදලක් ගෙවන ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා නීතිඥයන් මාර්ගයෙන් එන්තරවාසියක් යවා ඇත.

මෙම එන්තරවාසිය පසුගිය දෙසැම්බර් මස 24 වැනි දින නීතිඥ සම්පත් යාලේවත්ත මඟින් යවා ඇති බව වාර්තා සඳහන් කරයි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ලෙස වගකීම් දැරීම සම්බන්ධයෙන් පසුගිය 2024 දෙසැම්බර්මස 13 වැනි දින හෝ ඊට ආසන්න දිනයක දී ආනන්ද පාලිත විසින් අසත්‍ය සහ ද්වේෂසහගත ප්‍රකාශයක් තමන්ට එරෙහිව සිදුකර ඇතැයි සභාපති ඩී.ජේ. රාජකරුණා තම නීතිඥයන් මඟින් පෙන්වාදී කර ඇත.

ආනන්ද පාලිත එදින කර තිබෙන ප්‍රකාශය තුළ අවම වශයෙන් අසත්‍ය සහ ද්වේෂසහගත කරුණු අටක්වත් දක්වා ඇතැයි එන්තරවාසිය මඟින් දන්වා ඇති බව අනාවරණය වී තිබේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මෙයට පෙර සිටි සභාපති ලබාගත් වැටුප මෙන් දෙගුණයක වැටුපක් ලබාගන්නා බව සහ එම සංස්ථාව යටතේ ම අධ්‍යක්‍ෂ මණ්ඩල දීමනා දෙකක් ලබාගන්නා බව මෙන්ම, ඉතා නාස්තිකාර ආකාරයෙන් මුදල් වියදම් කරන බවට අසත්‍ය ප්‍රකාශ ආනන්ද පාලිත සිදුකර ඇතැයි එන්තරවාසියෙන් පෙන්වා දී තිබේ.

දෙසැම්බර්මස 13 වැනි දින හෝ ඊට ආසන්න දිනයක දී ආනන්ද පාලිත සිදුකළ ප්‍රකාශය ප්‍රධාන ධාරාවේ සියලුම විද්‍යුත් මාධ්‍යවල ප්‍රවෘත්ති විකාශවල ප්‍රචාරයකර තිබිණි.

ඊට අමතරව මුද්‍රිත පුවත් පත්වල ද එය වාර්තාකර තිබූ අතර, එම වාර්තා නැවත රූපවාහිනී නාළිකාවල පුවත්පත් කියැවීමේ වැඩසටහන්වල දී ද ප්‍රචාරය කරන ලද බවත්, සමාජ මාධ්‍ය ජාලා විසින්ද වැඩි වැඩියෙන් ප්‍රචාරය කර ඇති බවත් එන්තරවාසියේ දක්වා ඇත.

මේ මඟින් තමන්ගේ කීර්තිනාමයට හානිවීම සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ලෙස අවමානයට, අපවාදයට, ලැජ්ජාවට සහ සමච්චලයට ලක්කිරීම ඇතුළු සිදුකරන ලද හානි සම්බන්ධයෙන් රුපියල් මිලියන 500ක වන්දියක් නීතිඥයන් මාර්ගයෙන් සභාපතිවරයා ඉල්ලා ඇත.

එම එන්තරවාසිය නිකුත් කර දෙසැම්බර් මස 24 වැනි දින සිට දින 14ක් ඇතුළත වන්දි මුදල ගෙවීමට අපොහොසත් වුවහොත්, අධිකරණය ඉදිරියේ නඩු පවරා ඉදිරි ක්‍රියාමාර්ග වෙනුවෙන් කටයුතු කරන බව අවධාරණය කර ඇතැයි වාර්තා වේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories