2026 ජූලි 29 බදාදා, 23:47
නවතම පුවත්

විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් ප්‍රසිද්ධියේ ඇඳුම් උනා දමයි

ඉරානයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් ඇය අධ්‍යාපනය ලබන විශ්වවිද්‍යාලයේදී ප්‍රසිද්ධියේ ඇඳුම් උනාදමා තිබේ.ඇය එලෙස සිදුකර ඇත්තේ රටේ දැඩි ඉස්ලාමීය ඇඳුම් පැළඳුම්වලට එරෙහි විරෝධතාවක් ලෙස බව එරට ශිෂ්‍ය සහ අයිතිවාසිකම් කණ්ඩායම් පවසයි.සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝවක් සහ මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටින සංවිධානයක් වන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් විසින් පළකර ඇති වීඩියෝවක දැක්වෙන්නේ කාන්තාව විශ්ව විද්‍යාලයෙන් පිටත ඇගේ යට ඇඳුමෙන් සැරසී වාඩි වී සිටින ආකාරයයි.

අනතුරුව විශ්වවිද්‍යාල පරිශ්‍රය වටා සැරිසැරීමට පෙර ඇය තම සෙසු ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත අතින් සංඥා කරන අයුරු ද එහි දැක්වේ.ඔවුන්ගෙන් බොහෝදෙනෙක් කාන්තාවෝ වන අතර ඔවුන් හිස් ආවරණ පැළඳ සිටිති.

තවත් වීඩියෝවක දැක්වෙන්නේ පිරිමින් පිරිසක් ඇයව වටකරගෙන ඇයව මෝටර් රථයකට නංවාගෙන රැගෙන යන ආකාරයයටෙහෙරානයේ ඉස්ලාමීය අසාද් විශ්වවිද්‍යාලයේ ඇඳුම් පැළඳුම් සංග්‍රහය “අපයෝජනාත්මක ලෙස බලාත්මක කිරීමට” විරෝධය පළකිරීමෙන් පසු කාන්තාව “ප්‍රචණ්ඩකාරී ලෙස අත්අඩංගුවට ගෙන” ඇති බව ඇම්නෙස්ටි ඉන්ටනැෂනල් ආයතනය ප්‍රකාශ කළේය.

ඉරාන ශිෂ්‍ය සමාජ මාධ්‍ය නාලිකාවක් වන අමීර් කබීර් පුවත්පතට අනුව, මෙම කාන්තාව මීට පෙර විශ්වවිද්‍යාල භූමිය තුළදී ඉරාන ස්වේච්ඡා පැරාමිලිටරි කණ්ඩායමක් වන බසිජ් සාමාජිකයින් විසින් හිරිහැරයට ලක්කර ඇත.එහි සඳහන් වූයේ බලඇණියේ සාමාජිකයන් ඇයගේ හිස් වැසුම සහ ඇඳුම් ඉරාදමා ඇති බවයි

ඇසින් දුටු සාක්ෂිකරුවන් උපුටා දක්වමින්, රජයේ ෆාර්ස් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ, ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු ඇය සමඟ “සන්සුන්ව කතාකර” ඇඳුම් සඳහා පනවා ඇති රෙගුලාසි උල්ලංඝණය කිරීම ගැන ඇයට අවවාද කිරීමෙන් පසු ශිෂ්‍යාව ඇගේ ඇඳුම් ගලවා ඇති බවයි.

විශ්වවිද්‍යාලයේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂවරයා පැවසුවේ කාන්තාව මානසික සෞඛ්‍ය ගැටලුවලින් පෙළෙන බවයි.ඉරාන ඉස්ලාමීය ජනරජය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු Mai Sato, X පණිවිඩයක් නිකුත් කරමින් පැවසුවේ ”මෙම සිදුවීම බලධාරීන්ගේ ප්‍රතිචාරය ඇතුළුව සමීපව නිරීක්ෂණය කරන” බවයි.

ඉරානයේ ඉස්ලාමීය නීතිය පිළිබඳ දැඩි අර්ථකථනය යටතේ කාන්තාවන් සඳහා ප්‍රසිද්ධියේ හිජාබයක් (හෝ හිස් ආවරණයක්) පැළඳීම අනිවාර්ය වේ.ඉරාන කාන්තාවන් සුළු වැරදි සඳහා පවා දැඩි දඬුවම්වලට ලක්විය හැකිය

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories