2026 ජූලි 31 සිකුරාදා, 08:08
නවතම පුවත්

ආගරපතනේ බිළිඳිය ඝාතනයේ සුලමුල දෙමව්පියෝ හෙළි කරති.

ආගරපතන, හෙන්ෆොල්ඩ් වතුයායේ නිවසක් ඉදිරිපිට නවතා තිබූ ත්‍රිරෝද රථයක තිබී හමුවූ බිළිඳිය වයරයකින් ගෙල සිර කර ඝාතනය කර ඇති බව පශ්චාත් මරණ පරික්ෂණයේදී අනාවරණය වී තිබේ.

ආගරපතන පොලිස් ස්ථානාධිපතිවරයා මේ බව සඳහන් කළේ ය.

සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණය නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා විසින් සිදු කරන ලදී.

සැප්තැම්බර් 10 වන දා එම වතුයායේ නිවසක් ඉදිරිපිට නවතා තිබූ ත්‍රිරෝද රථයෙන් දුර්ගන්ධයක් හමා ඇති අතර ඒ සම්බන්ධයෙන් එම ත්‍රිරෝද රථයේ රියැදුරුගේ මව පරික්ෂා කර තිබිණි.

එම අවස්ථාවේදී ත්‍රිරෝද රථයේ පිටුපස පොලිතින් බෑගයක බිළිඳියෙකුගේ සිරුරක් තිබෙන බව ඇය දැක තිබුණා ය.

ඉන් අනතුරුව, ඒ පිළිබඳ අසල්වාසීන්ට දන්වා ඇති අතර ඔවුන් ආගරපතන පොලිසියට මේ පිළිබඳව දැනුම් දී තිබිණි.

මේ සම්බන්ධයෙන් එම ත්‍රිරෝද රථයේ රියැදුරා සැකපිට අත්අඩංගුව ගෙන ප්‍රශ්න කළ බව ආගරපතන පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේ ය.

අත්අඩංගුවට ගෙන ඇත්තේ, ආගරපතන හෙන්ෆොල්ඩ් වතුයායේ පදිංචි වයස 28ක් වූ එක් දරු පියෙකි.

සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ඔහු පොලිසියට සඳහන් කර ඇත්තේ, ත්‍රිරෝද රථයේ තිබූ බෑගය මාවනැල්ල ප්‍රදේශයේ සිට හෙන්ෆොල්ඩ් වතුයායට පැමිණි කාන්තාවකගේ බව ය.

ඉන් අනතුරුව, එම 24 හැවිරිදි කාන්තාව ද පොලිසිය අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර තිබිණි.

එහිදී සැකකාර කාන්තාව පොලිසිය පාපොච්චාරණය කර ඇත්තේ, සැකකාර ත්‍රිරෝද රථ රියැදුරා හා තමා අතර අනියම් සම්බන්ධතාවයක් පැවති බව ත් සැප්තැම්බර් 7 වන දා ඇය සේවය කළ මාවනැල්ල ප්‍රදේශයේ නිවසේදී මෙම බිළිඳිය ප්‍රසුත කළ බව ත් ය.

එම නිවසේ සේවය කරන තම සොහොයුරියගේ සහය ඇතිව බිළිඳියගේ ගෙල සිර කර ඝාතනය කළ අතර සිරුර සැගවිම සඳහා අනියම් සම්බන්ධය පැවැත්වූ ත්‍රිරෝද රථ රියැදුරා සමග ආගරපතන ප්‍රදේශයට රැගෙන පැමිණි බව ය.

එහිදී අත්අඩංගුවට ගත් ත්‍රිරෝද රථයේ රියැදුරා පොලිසියට පාපොච්චාරණය කර ඇත්තේ, අලුයම් කාලයේ සිරුර වල දැමිමට සැලසුම් කර තිබූ බව ත් ඊට ප්‍රථම තම මව සිරුර දැක අසල්වාසීන්ට දැනුම් දීම නිසා සිරුර වල දැමිමට නොහැකි වූ බව ත් ය.

සැකකාර රියැදුරා සහ සැකකාර කාන්තාව අද (සැප්. 12) නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.

මේ පිළිබඳව ආගරපතන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories