2026 ජූලි 29 බදාදා, 07:54
නවතම පුවත්

වගා හානි සමීක්ෂණ දත්ත නැවත අධ්‍යයනයට!

බෝගවලට හානි කරන වන සතුන් සම්බන්ධයෙන් සිදුකළ සමීක්ෂණයේ දත්ත කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නැවත නැවත සමීක්ෂණය කරමින් හා අධ්‍යයනය කරමින් සිටින බව නියෝජ්‍ය පරිසර ඇමැති ඇන්ටන් ජයකොඩි මහතා ඊයේ (ජුනි 09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. රිළවා, වඳුරා වැනි සතුන්ගෙන් වන වගා හානි පිළිබඳ සමීක්ෂණ ප්‍රතිඵල ප්‍රමාදවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා කියා සිටියේ, සමීක්ෂණයකදී ලැබෙන දත්තවල නිවැරදි භාවය නැවත නැවත පරීක්ෂා කිරීමට සිදුවන බවයි.

මාධ්‍යවේදියා නැවත ප්‍රාදේශීය වශයෙන් සමීක්ෂණයක් සිදුවේදැයි විමසූ විට, නියෝජ්‍ය ඇමැතිවරයා පැහැදිලි කළේ, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බලාපොරොත්තු නොවූ දත්ත මෙහි අඩංගු වන බැවින්, එම දත්ත පිළිබඳව පසු විපරමක් කිරීමට සිදුවන බවයි. එහෙත්, නැවත නිවෙස්වලට ගොස් ප්‍රායෝගිකව වඳුරන් ගණන් කිරීමක් වැනි ස්ථානීය පරීක්ෂණයක් සිදු නොවන බවත්, නැවත මෙවැනි සමීක්ෂණ කිහිපයක් සිදුකළහොත් ඉතා හොඳ බව තමා පුද්ගලිකව සිතන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර, පරිසර ඇමැති වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පැහැදිලි කළේ, වනජීවීන්ගෙන් වගාවන්ට සිදුවන හානි වැළැක්වීම සඳහා රජයක් ලෙස නිශ්චිත ක්‍රියාමාර්ග තවමත් තෝරාගෙන නොමැති බවයි. එවැනි ක්‍රියාමාර්ගයක අවශ්‍යතාව තිබෙන අතර, ඊට අදාළ අදහස ලබාගැනීම සඳහා මෙම සමීක්ෂණය සිදුකළ බවත්, එවැනි සමීක්ෂණයකදී අඩුපාඩු සිදුවිය හැකි බවත්, ප්‍රතිඵල ඉදිරිපත් කිරීමේදී පරස්පරතා ගැන සොයා බැලීමට කාලය ගතවන බවත් ඔහු පැවසීය.

කෑගල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී මට්ටමෙන් පිහිටුවා ඇති වගා ආරක්ෂණ කමිටු මගින් වන සතුන්ගෙන් සිදුවන හානි සම්බන්ධයෙන් ගන්නා පියවර එක් එක් ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමින් තීරණය කරන බවත්, මෙම වැඩපිළිවෙළ සියයට 40ක් පමණ සාර්ථක බවත් ඇමැතිවරයා සඳහන් කළේය. සතුන් කූඩු කර දූපතකට දැමීම වැනි ක්‍රියාමාර්ග මීට පෙර ගෙන ඇති බවත්, යම් වැඩපිළිවෙළක් අසාර්ථක වුවහොත් ඒ සම්බන්ධයෙන් සොයා බලා වෙනත් ක්‍රියාමාර්ගයකට යා යුතු බවත් ඔහු පැහැදිලි කළේය. මීට පෙර මාතලේ දිස්ත්‍රික්කයේ රිළවුන් වඳ සැත්කම්වලට ලක් කිරීමට තීරණය කළද, වෛද්‍යවරුන් සහ පහසුකම් ප්‍රමාණවත් නොවීම නිසා එය සාර්ථක නොවූ බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය. “මේ වන සතුන්ගෙන් සිදුවන හානිවලට අපි ක්‍රියාමාර්ග තෝරනවා. අපි කලින් නොදන්නා හේතු නිසා ඒවා අසාර්ථක වෙන්න පුළුවන්” යැයි ඇමැතිවරයා පැවසීය.

මේ අතර, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය විසින් මැයි මස 30 වැනිදා දිනැතිව නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයකින් සඳහන් කරනු ලැබුවේ, සත්ව සංගණනය සම්බන්ධව ජුනි මස 02 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ මාධ්‍ය හමුව නොවැළැක්විය හේතුවක් මත නොපැවැත්වෙන බවයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories