2026 ජූලි 25 සෙනසුරාදා, 20:54
නවතම පුවත්

රජයේ සුපර් ඇප් නිර්මාණයට පියවර

රජයේ සේවාවන් වඩාත් කාර්යක්ෂමව මහජනතාවට ලබා දීම සඳහා ‘රජයේ සුපර් ඇප් (Government SuperApp)’ නම් නව ඩිජිටල් යෙදුමක් නිර්මාණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

වර්තමානයේ විවිධ රජයේ දෙපාර්තමේන්තු හරහා සේවා ලබා ගැනීමේදී පුරවැසියන්ට මුහුණ දීමට සිදුවන අපහසුතා සහ දත්ත නැවත නැවත ඇතුළත් කිරීම් වළක්වා ගැනීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි. වාර්ෂිකව රුපියල් මිලියන 500කට අධික ආර්ථික හානියක් සිදු කරන බවට ඇස්තමේන්තු කර ඇති මෙම ගැටලුවට විසඳුමක් ලෙස මෙය හඳුන්වා දී ඇත.

මෙම ව්‍යාපෘතිය මගින් සියලුම රාජ්‍ය සේවාවන් පොදු සහ භාවිතයට පහසු ජංගම දුරකථන සහ වෙබ් යෙදුමකට ඒකාබ්‍රද්ධ කිරීමට සැලසුම් කර ඇත. එමගින්, වයස අවුරුදු 18ට වැඩි ශ්‍රී ලාංකිකයන් මිලියන 14ක් සහ වාර්ෂිකව පැමිණෙන සංචාරකයන් මිලියන 2ක් සඳහා තනි අතුරු මුහුණතක් හරහා රාජ්‍ය සේවාවලට පහසුවෙන් ප්‍රවේශ වීමට අවස්ථාව සැලසේ.

ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාව, 2025-2026 කාලය තුළ අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, ඒ සඳහා වැය වන සම්පූර්ණ පිරිවැය රුපියල් මිලියන 500ක් බව සඳහන් වේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories