2026 ජූලි 29 බදාදා, 22:52
නවතම පුවත්

ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම්වරයාගේ පෙත්සම විභාගයට අවසර

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම්වරයාව වශයෙන් කටයුතු කළ මැක්ස්වල් ද සිල්වා මහතා එම තනතුරින් අත්හිටුවීමට ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකෙරුනු පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (30) නියම කළේය.
එහෙත් මැක්ස්වල් ද සිල්වා මහතා ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් ධුරයේ කටයුතු කිරීම අත්හිටුවීමට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළේය.

තමන්ව එම තනතුරේ කටයුතු කිරීම අත්හිටුවීමට ක්‍රීඩා අමාත්‍යවරයා ගනු ලැබූ තීරණය අභියෝගයට ලක් කරමින් මැක්ස්වල් ද සිල්වා මහතා විසින් ගොනු කර තිබූ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතාගේ එකඟතාවය ඇතිව විනිසුරු දමිත් තොටවත්ත මහතා විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව පෙත්සමට අදාළ විරෝධතා ඇත්නම් ඒවා ජූනි මස 12 වනදාට පෙර ගොනුකරන ලෙස වග උත්තරකරුවන්ට නියෝග කළ විනිසුරු මඩුල්ල ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා ජූලි මස 14 වනදාට පෙර ගොනුකරන ලෙසත් පෙත්සම්කාර පාර්ශවයට නියෝග කළේය.

ඉන් අනතුරුව පෙත්සම් විභාගය සැප්තැම්බර් මස 04 වනදා පැවැත්වීමටද අධිකරණය විසින් දින නියම කළේය.

පෙත්සම්කරු කියා සිටින්නේ, සිය තනතුරේ බලය අයුතු ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ උපදෙස් මත ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සිය තනතුර අත්හිටුවීමට ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවය. එවැනි තීරණයක් ගැනීමට ක්‍රීඩා අමාත්‍යවරයාට බලයක් නොමැති බවත් එබැවින් එම තීරණය නීතියට පටහැනි යැයි තීන්දු කොට එය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටී.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories