2026 ජූලි 28 අඟහරුවාදා, 02:57
නවතම පුවත්

‘අලි රොෂාන්’ ගේ ඇප ඉල්ලීම විභාගයට දින නියම වෙයි

බලපත්‍ර නොමැතිව අලියෙකු සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වී සිර දඬුවම් නියම වී සිටින සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් ‘අලි රොෂාන්’ විසින් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම දෙසැම්බර් මස 15 වන දා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (නොවැම්බර් 03) නියම කළේය.

මෙම ඉල්ලීම කොළඹ මහාධිකරණ විනිසුරුවරුන් වන මංජුල තිලකරත්න සහ ලංකා ජයරත්න යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී, මෙම ඇප ඉල්ලීමට අදාළ විරෝධතා ගොනු කිරීමට අවසර දෙන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව, නඩුවට අදාළ විරෝධතා තිබේ නම් ඒවා මේ මස 28 වනදා ගොනු කරන ලෙස විනිසුරු මඩුල්ල නියම කළේය. ඉන් අනතුරුව මෙම ඇප ඉල්ලීම පිළිබඳ විභාගය දෙසැම්බර් මස 15 වනදා සිදු කිරීමට නියම කරන ලදී.

බලපත්‍ර නොමැතිව අලියෙකු සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරු කෙරුණු අලි රොෂාන් නැමැත්තාට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් බරපතළ වැඩ සහිත වසර 15ක සිර දඬුවම් නියම කරනු ලැබීය. එම සිර දඬුවමට එරෙහිව තමන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති නිසා, එම අභියාචනය විභාග කොට අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරනතුරු තමන්ව ඇපමත මුදා හරිණ ලෙස ඉල්ලමින් අලි රොෂාන් සිය නීතිඥවරු මාර්ගයෙන් කොළඹ මහාධිකරණයට මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබුණි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories