2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 13:44
නවතම පුවත්

ජපානයේ කගෝෂිමා ප්‍රාන්තයේ භූ කම්පන මාලාවක්: අකුසෙකිජිමා දූපතේ වැසියන් ඉවත් කෙරේ

ජපානයේ දකුණු දිග කගෝෂිමා ප්‍රාන්තයේ අකුසෙකිජිමා (Akusekijima) දූපතට රික්ටර් මාපකයේ 5.5ක අගයක් ගත් ප්‍රබල භූ කම්පනයක් අද (ජූලි 6) වාර්තා වී තිබෙනවා. කෙසේ වෙතත්, මේ වන විට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නැහැ.

ටොෂිමා (Toshima) ගම්මානයේ නිලධාරීන් කියා සිටියේ, අකුසෙකිජිමා දූපතේ පදිංචිකරුවන් 23 දෙනාගේම ආරක්ෂාව තහවුරු කර ඇති බවත්, ඔවුන් මේ වන විට දූපතෙන් ඉවත් කර ඇති බවත්ය.

මෙම භූ කම්පනයට අමතරව, ජපාන වේලාවෙන් ඊයේ (ජූලි 5) උදෑසන ද අකුසෙකිජිමා දූපතට රික්ටර් මාපකයේ 5.4ක තවත් භූ කම්පනයක් වාර්තා වී තිබෙනවා. ජපන් මාධ්‍ය වාර්තා කරන්නේ ටොෂිමා ගම්මානය අවට භූ කම්පන මාලාවක්ම සිදුවෙමින් පවතින බවයි.

පසුගිය මාසයේ සිට ටොකාරා (Tokara) දූපත් අවට භූ කම්පන ක්‍රියාකාරකම් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවද ජපන් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි. මෙම තත්ත්වය පිළිබඳව භූ විද්‍යාඥයින්ගේ අවධානය යොමු වී ඇති අතර, තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව බලධාරීහු පවසති.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories