2026 ජූලි 31 සිකුරාදා, 01:52
නවතම පුවත්

සංවර්ධනය තිරසර අයුරින් සිදුකිරීමට සංවර්ධන කමිටුවක්

සංවර්ධනය තිරසර අයුරින් සිදුකිරීමට සංවර්ධන කමිටුවක් සහ ආයතන කළමනාකරණ කමිටුවක් ස්ථාපිත කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
ඇමතිවරයා මේ බව කියා සිටියේ දිවයිනේ මාර්ග පද්ධතිය වැඩිදියුණු කර, පොදු ප්‍රවාහන සේවාව කාර්යක්‍ෂම කිරීමේ රජයේ වැඩපිළිවෙල යථාර්ථයක් කිරීම උදෙසා රත්නපුර දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිළිබඳව නිලධාරීන් දැනුවත් කිරීමේ සාකච්ඡාවකට එක්වෙමිනි.

ඊයේ(20) රත්නපුර නගරසභා ශ්‍රවණාගාරයේ දී එය පැවැත්විණ.

මෙම සාකච්ඡාවේ දී රත්නපුර දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාශ සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡා කෙරිණ.

එමෙන් ම දැනට අතරමග නවතා දමා ඇති රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර කඩිනමින් නිමකිරීම, දුම්රිය මාර්ග ව්‍යාපෘතිය, බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සහ රත්නපුර නගරාශ්‍රිතව විකල්ප මාර්ගය සැලසුම් කිරීම ආදී සංවර්ධන ව්‍යාපෘති රැසක් පිළිබඳ ව මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.

මෙහි දී නිලධාරීන් ඇමතූ අමාත්‍ය බිමල් රත්නායක මහතා; “ඉදිකිරීම් සිදුකිරීමේදී මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, දුම්රිය දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන ඒකාබද්ධ ව, යාවත්කාලීන තොරතුරු මගින් ව්‍යාපෘති සැලසුම් කිරීම හරහා නාස්තිය, දූෂණය නවතා ප්‍රමාදය අවම කර ගනිමින් සංවර්ධන ඉලක්ක ජයගත හැකි යි. මෙවැනි කටයුතුවලදී නිලධාරීන්ගේ කැපවීම ඉතාම තීරණාත්මක යි. ඒ වගේ ම ඒකාබද්ධ සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කරන්නේ නම් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට රජය සූදානම්. රාජ්‍ය සේවාවේ පවතින පුරප්පාඩු සඳහා ඉදිරියේ දී සුදුසුකම් අනුව බඳවා ගැනීමට කටයුතු කරනවා” යැයි පැවසී ය.

නිලධාරීන් කුමන දේශපාලන මත දැරුවත් රජයට එය ගැටලුවක් නොවන බවත්, ජනවරම අවබෝධ කරගනිමින් රට දිනවීමේ ජාතික වැඩසටහන සමග එක්ව කටයුතු කිරීම ඔවුන්ගේ වගකීම බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසී ය.

මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සේනාරත්න, ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සී. කේ. පෙරේරා, සබරගමුව පළාත් ආණ්ඩුකාරතුමියගේ සම්බන්ධීකරණ ලේකම් සුජාතා පල්ලෙතැන්න යන මහත්ම මහත්මීන් ද මාර්ග සංවර්ධන අධිකාරියේ පළාත්භාර අධ්‍යක්‍ෂ (සබරගමුව), ප්‍රධාන ඉංජිනේරු (රත්නපුර) සහ විධායක ඉංජිනේරු (රත්නපුර) ඇතුළු නිලධාරීහු රැසක් ද එක්ව සිටිය හ

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories