2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 10:43
නවතම පුවත්

පහේ ශිෂ්‍යත්වය වෙනුවට 2028දී අලුත් විභාගයක්

සිසුන්ට මානසික ආතතිය ඇතිවීම අවම කිරීම අරමුණු කරගනිමින්, 2028 වන විට 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය වෙනුවට නව විභාගයක් හඳුන්වාදීමට රජය සූදානම් බව අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ(10) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.

වත්මන් ශිෂ්‍යත්ව විභාග ක්‍රියාවලිය සමාලෝචනය කර ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ලබන වසරේ විශේෂඥ කමිටුවක් පත්කරන බව ඇය පැවසුවාය.

විභාගය අධ්‍යයන දියුණුව සඳහා සාධාරණ අවස්ථාවක් ලෙස පවතින බව සහතික කරමින් සිසුන් මත එල්ලවන අනවශ්‍ය පීඩනය අඩුකිරීම කෙරෙහි කමිටුව අවධානය යොමුකරනු ඇත.

ශිෂ්‍යත්ව විභාගය හා සම්බන්ධ දැඩි තරඟකාරිත්වයේ මූල හේතුව ඉස්මතු කරමින් අග්‍රාමාත්‍යවරිය පෙන්වාදුන්නේ පාසල් ගුණාත්මකභාවයේ විෂමතා, සිසුන්ව පහසුකම් වැඩි පාසල්වලට ඇතුළත්වීමට පොළඹවන බවයි.

රජයේ දිගුකාලීන ඉලක්කය වන්නේ මෙම හිඩැස් පියවා වඩාත් සාධාරණ අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කිරීම බව ඇය අවධාරණය කළාය.

“5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය පවතින්නේ පාසල් අතර අසමානතාවයන් නිසා. එය දක්ෂ සිසුන්ට වඩා හොඳ පහසුකම් සහිත පාසලකට යාමට අවස්ථාවක් ලබාදෙනවා. මෙම විෂමතා එක රැයකින් ඉවත් කළ නොහැකි වුවත්, හොඳින් සම්පත් ඇති සහ අඩු වරප්‍රසාද ලත් පාසල් අතර පරතරය ක්‍රමයෙන් අඩුකිරීමට අපි කටයුතු කරනවා. එතෙක් ශිෂ්‍යත්ව විභාගය දිගටම පවත්වනවා. නමුත් එය සිසුන් මත ඇති කරන මානසික ආතතිය අවම කිරීමට අපි කටයුතු කරනවා” ඇය පැවසුවාය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories