2026 ජූලි 29 බදාදා, 08:33
නවතම පුවත්

ත්‍රස්තවාදය වැළැක්වීමට නව නීති: අධිකරණ ඇමතිගෙන් ප්‍රකාශයක්

දශක කිහිපයක් පුරා ක්‍රියාත්මක වූ පැරණි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට නව පනත් කෙටුම්පතක් හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබේ. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය මඟින් සකස් කරන ලද මෙම නව පනත් කෙටුම්පත මේ වන විට අධිකරණ අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ ප්‍රසිද්ධියට පත් කර ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

මහජනතාවට සහ උනන්දුවක් දක්වන පාර්ශවයන්ට මෙම කෙටුම්පත අධ්‍යයනය කිරීම සඳහා පහසුකම් සලසමින් එය සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම ප්‍රකාශයට පත් කර තිබේ. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සහ වර්තමාන අවශ්‍යතාවලට සරිලන පරිදි මෙම නව නීතිමය රාමුව සකස් කර ඇති බව අධිකරණ අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කළේ මෙම නව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මහජනතාවට පවතින අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දී ඇති බවයි. ඒ අනුව 2026 පෙබරවාරි 28 වන දිනට පෙර තමන්ගේ යෝජනා ලිඛිතව හෝ විද්‍යුත් තැපෑල හරහා අමාත්‍යාංශය වෙත යොමු කරන ලෙස අමාත්‍යවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියි.

ලේකම්, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය, අංක 19, ශ්‍රී සංඝරාජ මාවත, කොළඹ 10 යන ලිපිනයට හෝ secretary@moj.gov.lk යන විද්‍යුත් ලිපිනයට අදාළ යෝජනා යොමු කළ හැකිය. මහජන අදහස් විමසීමෙන් අනතුරුව අවශ්‍ය සංශෝධන සිදු කර පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය බලාපොරොත්තු වේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories