2026 ජූලි 29 බදාදා, 16:45
නවතම පුවත්

එංගලන්තය ලකුණු 23ක් ඉදිරියෙන්

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර මැන්චෙස්ටර් හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවෙනි දිනය වූ ඊයේ (22) වර්ෂාව හේතුවෙන් නියමිත වේලාවට පෙර තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි එංගලන්ත කණ්ඩායම කඩුලු 06ක් දැවී ලකුණු 259ක් රැස්කරගෙන සිටියේය.

ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 23ක් ඉදිරියෙන් සිටී.

දිනය නිමා වනවිට කඩුල්ලේ රැඳී සිටි ජෙමී ස්මිත් ලකුණු 72ක් හා ගස් ඇට්කින්සන් ලකුණු 04ක් රැස්කරගෙන සිටියේය.

තරගයේ පළමු දිනය වූ පෙරේදා දිනට තරගය නතර කරන විට එංගලන්ත කණ්ඩායම කිසිවෙකුත් නොදැවී ලකුණු 22ක් රැස්කරගෙන සිටියේය.

කෙසේ නමුත් එංගලන්ත වේලාවෙන් ඊයේ උදෑසන තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, ඒ හේතුවෙන් තරගය ආරම්භ කිරීමට සිදු වූයේ දිවා ආහාරයද පසුවීමෙන් අනතුරවය.

තරගය ආරම්භ වී එංගලන්ත ඉනිමට ලකුණු 08ක් පමණක් එක්වද්දී, බෙන් ඩකට් (ලකුණු 18) දවාගැනීමට අසිත ප්‍රනාන්දු සමත් වූ අතර, ඉන් නොනැවතුණු ඔහු මුළු ලකුණු 40ක් වෙද්දී වැඩබලන නායක ඔලී පොප්ගේ (ලකුණු 06) කඩුල්ලද දවාගත්තේය.

මෙහිදී විශ්ව ප්‍රනාන්දු ද සිය කඩුලු දඩයම අරඹමින් පිටියේ ස්ථාවර වෙමින් සිටි ආරම්භක පිතිකරු ඩෑන් ලෝරන්ස්ගේ කඩුල්ලද දවාගත්තේය. 

ඒ අනුව එංගලන්ත ඉනිමේ පළමු පිතිකරුවන් තිදෙනාම ලකුණු 67ක් තුළ ක්‍රීඩාගාරය වෙතහරවා යැවීමට ශ්‍රී ලංකාවට හැකිවිය.

කෙසේ නමුත් එම දවාගැනීම් ඉදිරියේ තරගයේ පාලනය ගිළිහෙන්නට නොදුන් ජෝ රූට් හා හැරී බෘෘක් සිව්වැනි කඩුල්ලට ලකුණු 58ක සබඳතාවක් පවත්වා එංගලන්ත ඉනිම 125ක් දක්වා ඉහළට රැගෙන ආවේය.

එහිදී ශ්‍රී ලංකාවට හිසරඳයක් වෙමින් සිටි රූට්ගේ ඉනිම ලකුණු 42කට සීමා කිරීමට අසිතට හැකිවිය.

එම දවාගැනීමෙන්ද ශ්‍රී ලංකාවට අස්වැසිලක් නොවූ අතර, ඉන් අනතුරුව පිටියට පිවිසි ජේම් ස්මිත් සමගින් එක් වූ බෘෘක්, එංගලන්ත ඉනිම ලකුණු 187ක් දක්වා ඉදිරියට රැගෙන ආවේය.

ඔවුන් දෙදෙනා අතර ගොඩනැගෙමින් තිබූ ලකුණු 62ක සබඳතාවක් නවතා දැමූ ප්‍රභාත් ජයසූරිය ලකුණු 56ක් රැස්කරගෙන සිටි හැරී බෘෘක් දවාගත්තේය.

වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට එංගලන්ත ඉනිමේ අවසන් කඩුල්ල ලෙස ක්‍රිස් වෝක්ස්ගේ ඉනිම ද අවසන් වී තිබූ අතර, ඔහු ලකුණු 25ක් රැස්කරගෙන සිටියදී ප්‍රභාත් ජයසූරියගේ පන්දුවක් හමුවේ දැවී ගියේය.

එම දැවීයාමත් සමග ලකුණු පුවරුව කඩුලු 06කට ලකුණු 239ක් ලෙසින් සටහන් විය.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් අසිත ප්‍රනාන්දු (3/68), ප්‍රභාත් ජයසූරිය (2/58) හා විශ්ව ප්‍රනාන්දු (1/51) දක්ෂතා දැක්වූහ.

අද තරගයේ තෙවැනි දිනයයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories