2026 ජූලි 31 සිකුරාදා, 05:12
නවතම පුවත්

3%ක වට්ටම අඩු කළොත් ෂෙඩ් වහන්න වේවි – තෙල් බෙදුම්කරුවන්

ඛනිජ තෙල් බෙදුම්කරුවන්ට ලැබෙන සියයට තුනේ වට්ටම් මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත් එම මුදල ද අඩු කිරීමට ආණ්ඩුව කටයුතු කළහොත් ඉදිරියේදී ඉන්ධන පිරවුම්හල් පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උදාවී පිරවුම්හල් වසා දැමීමට සිදුවිය හැකි බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.

බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සන්දනායක පැවැසුවේ මෙම වට්ටම් මුදල ලැබෙන්නේ ඉන්ධන පිරවුම්හල් නඩත්තු කරගෙන යාමට බවත් එය කිසිසේත්ම කොමිස් මුදලක් නොවන බවත් ඔහු කියා සිටින්නේ ජනවාරි මාසයේ සිට මෙම වට්ටම් මුදලෙන් තවත් සියයට දශම පහයි හතක් වැට් බදු ලෙස ඉවත්වෙන බවය.

එමෙන්ම අප්‍රේල් මාසයේ සිට ඉන්ධන පිරවුම්හල්වල සියලුම සේවකයන්ට රුපියල් තිස්දහසකින් පමණ වැටුප් වැඩිවීමක් ද සිදුකිරීමට නියමිත බවත් මේ සියල්ල බෙදුම්කරුවන්ට ලැබෙන සියයට තුනක වට්ටම් මුදලෙන් ගෙවීමට නොහැකි බව උප සභාපතිවරයා පැවැසීය.

ඊයේ [25] බොරැල්ල ඇන්. එම්. පෙරේරා කේන්ද්‍රයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙලෙස පැවැසුවේය.

වැඩිදුරටත් ඔහු පවසා සිටියේ වර්තමාන රජය මෙම ගැටලුවට විධිමත් විසඳුමක් ලබානොදෙන්නේ නම් ඉන්ධන සම්බන්ධයෙන් ඉදිරියේදී මෙරට ඇතිවෙන නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට නොහැකි වන බවය.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න පැවැසුවේ තම සංගමය වසර පනහක් පමණ පැරණි සංගමයක් බවත් ඒ කාලයේ සිට වර්තමානය දක්වාම කිසිදු ආකාරයක වැඩ වර්ජනයක් සිදු කර නොමැති බවත්ය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි සම ලේකම්වරයා මෙසේ ද පැවැසුවේය.

”ඉන්ධන පිරවුම්හල් 1400 පමණ ලංකාව පුරා තියෙනවා. මේ අතරින් පිරවුම්හල් හත්සියයකට වඩා ලෝඩ් විස්සට වඩා අඩු ඒවා විකුණන්නේ. ඒවයින් ලාබ ලබන්නෙ ඔය සියයට තුනේ කොටස. ඒක කොමිස් මුදලක් නෙමෙයි. ඒකෙන් ලක්ෂ 10 ක් ලැබෙනවා ඒකෙන් වතුර බිල් පොම්ම රෙපයාර් ලයිට් බිල් ගෙව්වාම අපිට ලක්ෂයක් පමණයි ඉතුරු වෙන්නෙ. අපිට කිසිම කොමිස් මුදලක් හම්බ වෙන්න් නෑ. බදු ඇතුළු සියලුම දේම වැඩි කළාම අපිට මේ 3% කොමිසම් මුදලෙන් කරන් යන්න බෑ. ආණ්ඩුව කියනවා බෙදුම්කරුවන්ට සියයට තුන කොමිස් මුදලක් ගෙවනවා කියලා ඒකත් අඩු කරන්න යනවා. රජයේ මාධ්‍ය දිගින් දිගටම වාර්තා කරනවා බෙදුම්කරුවන් අනීතික විදියට කොමිස් මුදලක් ගන්නවා කියල. අපි අහන්නේ මොකක්ද මේකේ තියන අනීතික භව කියල කියන්න කියලා. පාර්ලිමේන්තුවේදී අනුමැතිය ලැබිල සම්මත වෙලා තමයි අපිට මේක කාලයක් තිස්සේ ලැබුණේ. අපි ඉල්ලනවා අදාළ නිලධාරින්ගෙන් මේ ගැන නැවතත් ගණනය කරලා අනීතික හාවය ගැන කියන්න කියලා ”

එමෙන්ම මෙහිදී අදහස් දක්වා සිටි ලංකා පුද්ගලික ටැංකි හිමිකරුවන්ගේ සංගමයේ ලේකම් ශාන්ත ද සිල්වා මෙසේ ද පැවැසුවේය

‘’ මේ ගැටලුවට නිසි විසදුමක් ලැබුණේ නැත්නම් රජයට අනවශ්‍ය ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. ගොඩක් රජයේ ආයතන අපෙන් ණයට ඉන්ධන මිලදී ගන්නේ මාස දෙකකට පස්සේ මුදල් ගෙවන්න, මෙහෙම වුණොත් අපිට ඉන්ධන දෙන්න පුළුවන් නමුත් එදාම සල්ලි ගෙවන්න ඕනේ. ණයට ඉන්ධන දීමක් කරන්න බැරි වෙනවා. ඉන්ධන විකුණන වෙනත් පෞද්ගලික සමාගම් අපෙන් අහනවා කොහොමද සියයට තුනෙන් කරන්නේ කියලා. ඇත්තටම මේ ගණනය කිරීම වැරදියි කරුවලේ අතගාලා හදපු ගණන් ටිකක් ”

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories