2026 ජූලි 31 සිකුරාදා, 20:11
නවතම පුවත්

ට්‍රිපොලි ප්ලැටූන් ගැන හොයන්න විමර්ශන කමිටුවක්!

නැගෙනහිර පළාතේ හමුදාව විසින් අත්පත් කරගෙන සිටින ඉඩම් නිදහස් කිරීමට සහ කුප්‍රකට ‘ට්‍රිපොලි ප්ලැටූන්’ නමැති සන්නද්ධ කණ්ඩායම විසින් සිදුකරන ලද අතීත සාහසික ක්‍රියා විමර්ශනය කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමානික්කම්, ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලා තිබේ.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති ආරක්‍ෂාව පිළිබඳ පාර්ලිමේන්තු උපදේශක ව්කමිටුවේ සමාරම්භක රැස්වීමේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙම ඉල්ලීම සිදුකර ඇත.

ෆේස්බුක් හි සටහනක් පළකරමින් මන්ත්‍රීවරයා පවසා ඇත්තේ, ඉලක්කගත ඝාතන සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ කුප්‍රකට හමුදා ඒකකයක් වන ‘ට්‍රිපොලි ප්ලැටූන්’ විසින් සිදුකරන ලද අතීත අපරාධ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලා සිටි බවයි.

මෙම ඝාතනවලට අදාළ සාක්ෂි විභාග කිරීම සඳහා නව විමර්ශන කමිටුවක් පිහිටුවන ලෙස ද ඔහු ඉල්ලා තිබේ.

මේ සම්බන්ධයෙන් කඩිනම් පියවරක් ගැනීමට ජනාධිපතිවරයා එකඟ වූ බව ද වාර්තා වේ.

මඩකලපුව සහ නැගෙනහිර අනෙකුත් ප්‍රදේශවල හමුදා විසින් දිගින් දිගටම ඉඩම් අත්පත් කර ගැනීම පිළිබඳව ද මන්ත්‍රීවරයා එහිදී අවධානය යොමුකර ඇත.

ගුවන් හමුදාව විසින් අත්පත් කර ගත් මුරක්කොට්ටන් කඳවුර, පලයඩිවට්ටායි, කුරුක්කල්මඩම්, කායන්කර්නි සහ පුදූර් යන ප්‍රදේශ ඇතුළුව හමුදා විසින් අල්ලාගෙන සිටින ඉඩම් කිහිපයක් නිදහස් කිරීම සඳහා දීර්ඝ කාලීන ඉල්ලීම් ඔහු නැවත අවධාරණය කරයි.

හමුදා පාලනය යටතේ පවතින තාණ්ඩියාඩි (යුද ස්මාරක සුසාන භූමියක් පිහිටි) කලුවංචිකුඩි පොලිස් ස්ථානය සහ වාකරේ රජයේ ඉඩම් නැවත ලබාදෙන ලෙස ද ඔහු ඉල්ලා තිබේ.

මෙම ඉඩම් නිවැරැදිව ජනතාවට අයිති බවත්, තවදුරටත් ප්‍රමාදයකින් තොරව ඒවා ආපසු ලබාදිය යුතු බවත් මන්ත්‍රී රාසමණික්කම් අවධාරණය කරයි.

ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය ඇතුළු අපරාධ රැසකට මෙම ට්‍රිපොලි ප්ලැටුන් කණ්ඩායමට චෝදනා එල්ලවී ඇත

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories